Final Chapter

562 124 58
                                    


මං උඩ බලාගෙන හිටියා.

ඒ කියන්නෙ ඇත්තටම උඩ බලාගෙන හිටියා මොකද මගේ කදුලු වැටෙන එක එහෙමවත් නවත්තගන්න ඕනෙ කියල හිතුන නිසා,

ශුවර් එකටම මගේ වටේ හිටපු කට්ටිය හිතන්න ඇත්තෙ මං Airport එකෙ සිවිලිම අධ්‍යයනය කරනවා කියල වෙන්නැති.

ආ සිද්ධිය වුනෙ මේකයි Bighit එකෙන් මට එවෙලෙම රෑ flight එකට ticket එකත් අරන් දීලා ඉතාම ආදරෙන් කිව්වා වහාම යන්න කියලා . මං තවත් එහෙ ඉන්න එකෙන් වෙන්නෙ තවත් වැඩේ අවුල් යන එක කියලා... එයාලා ඒ ඔක්කොම scandals ගැන බලාගන්නම් කියලාත් කිව්ව හැබැයි. ඔච්චර හෙට වෙනකම් පොඩ්ඩක් ඉවසගන්න බැරිවුනානෙ මං අහන්නේ ? මොනවාවුනත් හිත හොද මිනිස්සු.

Airport එකට යන්න වාහනෙ එද්දිත් යුන්ගි හිටියේ මං ඉන්න Hotel room එකෙ දැනගත්තනම් එහෙම මට වෙඩිතියලා මගේ මිනිය රට පටවයි කියල සූට්ටන් සැකයක් තිබ්බෙ නෑ කියන්නත් බෑ ඉතින්.

මං මොනවා pack කරගත්තද කියලවත් මට මතක නැත්තෙ යුන්ගි ව ඇහැරවන්න බැරි කමට මං පුලුවන් තරම් සද්ද නැතුව හැමදේම කරගත්ත නිසා.

ඔව් මං එයාට කියල නෙවෙයි ආවේ... එයාට කියලා සමුඅරගෙන එහෙම යන්න තරම් ශක්තියක් මට තිබුනේ නැහැ.

අනිත් එක මං එයාගේ කකුල් උස්සලා සෝෆා එකෙන් තියලා හොයාගත්ත බ්ලැන්කට් එකක් දාද්දි ත් යකා ගහලා වගේ එයා හොදට නිදාගෙන හිටියා. හරියටම කිව්වොත් මම ඔපෙරා රංගනයක් ඉදිරිපත් කරත් අවුලක් නැති වෙන ගානට?

මම යන්න කලින් එයා ගාවින් දණ ගහගත්තා. චුට්ට වෙලාවක් අහිංසක විදිහට නිදාගෙන හිටපු එයා දිහා මානසික ලෙඩෙක් වගේ බලාගෙන හිටියා.

" ගොඩාක්... ස්තුතියි ඔයාට "
මට කියවුනා.

යන්න හදලත් මොකක්දෝ එහෙකට මම එයාගෙ මූණට වැටිල තිබුන කොණ්ඩෙ පිටිපස්සට කරලා එයාගේ නළල හිමීට සිපගත්තා.

ඊටපස්සෙ අතට අහුවෙච්ච බෑග් ඉනෙන් කරෙන් ගහගෙන පුලුවන් ඉක්මනටම මං එතනින් චුත වුනා.

මගේ සමුගැනීම ගැන ආපහු මතක්වෙද්දි මාව රතු වේගෙන එනවා කියලා මට තේරුනා. අවුලක් නෑ පොර ට නින්ද ගිහින් නේ තිබ්බෙ...

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now