Chapter 07

479 99 15
                                    


අපි ඒ විදිහට ම ඕන්නම් තත්පර කීපයක් මූණට මූණ බලාගෙන ඉන්න ඇති..

"ඔය ලෙන්ස් ද ? " එයා ඇහුවා.

"හැහ් ? "

යුන්ගි ජාත්‍යන්තර ප්‍රශ්නයක් අහලා වගෙ මං උත්තරයක් දෙනකන් බලාගෙන හිටියා. අනෙ නෑ .. මේ හිටපු ගමන් මගෙ ඇස් වල පාට වෙනස් වෙනවා..මේ දවස්වල fashion එක අලුපාටනෙ..ඒකයි...

මගෙ මූණ වෙනස් වෙනවා දැක්කම එයා කට කොණෙන් හිනාවුනා. වැඩිය කතා නොකලට කතා කරන සැරේට රුධිර පීඩනය වැඩිවෙලා සීනි මට්ටම ත් උඩට නගිනවා මගේ නම්..

මම ගියේ එයාට හොඳට දෙසන්න වුනත් මගේ දොරේ බෙල් එක වැදුනා.

"මං පීට්සා එකක් ඕඩර් කලා..... "
යුන්ගි කිව්වා.

හොඳයි, ඒකටනම් ඕන්න වැඳ නමස්කාර කරන්න ඕනේ.. රෑට මොනාහරි කන්න ඕනෙ කියන එකත් මට අමතක වෙලයි තිබ්බෙ..

"ඔයා ආසයිනේ...? " එයා ඇහුවෙ මගේ ඇස් සතුටින් බබලද්දියි.

එයාගෙ මූණ ට තිබුනු උපහාසාත්මක හිනාව නැතිවෙලා ආපහු අර ලෙන්ගතු බැල්ම ඇවිත් තිබුනා.

මමත් එයා දිහා බලාගෙන ඉන්න බව තේරුණ නිසාද කොහෙද එයා ඉක්මනට ඒක වෙනස් කරගත්තා.

එයා හරි අමුතුයි කියලා කියන්නෙ ගොඩක් වෙලාවට යුන්ගි එයාගෙ හැඟීම් වැඩිය පෙන්නන්නෙ නැතුව ඉන්න හින්ද වෙන්නැති, ඒ වුනත් එහෙම ඉන්න අය අනිත් කාටත් වඩා තමන් ගෙ අය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න බලාගෙන ඉන්න එකත් මං හොඳටම දන්නවා.

තව ටිකෙන් බිමටත් වැටෙනවා බොරුවට staring contest කර කර ඉන්න බෑනේ අර dramasවල වගේ මල සමයං, අර අහිංසක delivery කොලුවා දොර ඉස්සරහ හිටගෙන දොර බෙල් එක කඩන්න හදද්දි..

මං දොර දිහාවට ඉක්මනට ගියා.

••••••••••••••••••••••••••••••••••••••••••••••

අපි සෝෆා එක ගාවින් ම තිබුනු පුංචි මේසෙ මූණට මුණ බලාගෙන හිඳගත්තා. මං නම් කවදාවත් මනුස්සයෙක් වගේ ඉඳගෙන හෙම කන්නෙ නෑ ගොඩක් වෙලාවට ඇවිද ඇවිද , එක්කෝ බිම නැත්තම් ඇඳෙ වගෙ තමයි..

One Night Love At London  ( COMPLETED )Onde histórias criam vida. Descubra agora