Chapter 16

409 99 12
                                    

"යෝ.....සහෝදරයා......"
මං පුලුවන්තරම් ගැම්මෙන් කොලු සීන් එකෙන් කියලා දැම්මා.

නෑ නෑ වැටුනේ නැති වුනාට මගේ ඔලුව බිත්තියේ හෙම හැප්පිල නෙවෙ , මට හිතුන ඊයේ රෑ වෙච්ච සිද්ධිය අමතක වෙන්නත් එක්ක අපේ සහෝදර බැඳීම වර්ධනය කරගන්න එක හොදයි කියලා..

"මොකක් ? "
යුන්ගි ඔලුව ත් ඇද කරගෙන මගේ දිහා බැලුවා. ආයේ දෙකක් නෑ එයා නිශ්ශබ්දව මට කුණුහරප යාතිකාවක් කරන්න ඇති එහෙම නැත්තම් මේ ගෑනිට ඔල්මාදෙද කියල බලන්න ඇති..

"මං කවදා ඉදන් ද ඔයාගේ සහෝදරයා වුනේ ? "

"ඕහ්...." මට කට උත්තර නැතිවුනා. ඔය කොරගත්තෙ.. දැන් සැපද ?

මං උඩ බිම බල බල ඉද්දි එයා මගේ අතින් අල්ලගෙන ඉස්සරහට ඇවිදගෙන යන්න ගත්තා. මටත් වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

"ඉතින් ?........ " එයා ඇහුවා.

ඔව් ඉතින්... මං මොකුත් කිව්වෙ නෑ එයාම මොනවහරි කියන්නෙ නැතැයි..

"ඊයේ රෑ ඇත්තටම.. මං..."

"ඒක අත්වැරැදීමක් කියලා මං හිතාගන්නම්.."
මං එයාගේ වාක්‍ය සම්පුර්ණ කලේ හිතට ආපු අමුතුම විදිහෙ වේදනාවක් එක්ක,
එයා කෙකර ගගා ඉද්දි අනිවාර්යෙන්ම කියන්න යන්නෙ ඒක කියලා මට හිතුනා. මං දන්නවා මං වගේ කෙනෙක්ට කොහොමද එයා වගේ කෙනෙක් එක්ක අවස්ථාවක් ?

"නැහැ....."අඩි දෙක තුනක් ගියාට පස්සෙ එයා කිව්වා.

"ඒක කොහෙත්ම අත්වැරැදීමක් නෙවෙයි ඔලීව්..." එයා ගොඩාක් විශ්වාසෙන් වගේ කිව්වා.

මම සද්ද නොකර හිටියා.

"අනිත් එක මං කියන්න ගියේ මං පිස්සෙක් වගේ දුවපු එකට sorry කියලා කියන්න...හී....."
මට හිනාවක් ආවා.

අපි hall එකෙ ඇතුලුවෙන දොර වෙනකම්ම කිසිම දෙයක් කතා කලේ නැහැ. එයා මගේ අත අතෑරියෙත් නැහැ.

දොර ගාවටම ඇවිත් එයා මගේ පැත්තට හැරුනා.

"ඇත්තටම ඔයාට මං ගැන කිසිම හැඟීමක් නැද්ද ? "
මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන එයා අහද්දි මට හිතුනෙම මට පපුවේ අමාරුවක් කියලා කියාගෙන එතනම බිමට පතිත වෙන්න ..

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now