Chapter 12

401 100 18
                                    

🙎‍♀️Good morning මිස්....

හාහ්.....

🙎‍♀️අහ්...මිස්....

.............

🙎‍♀️මිස් ග්‍රේස්......

ඕහ්... ඔව්.... ඔව් මං තමා....

පාන්දර 6ට මනුස්සයෙක් කතා කරන වෙලාවක් ද කියන්නකෝ.. කතාකරනවා කියලා හිතාගෙන හිටියට බැලින්නම් ලාවට නින්ද ගිහින්..

🙎‍♀️ආ මිස්...මේ Fashion ENTITLED company එකෙන්....සොරි.. මේ අපේ event එක කැන්සල් වුනා මිස්.. ඒකයි කතාකලේ

ආ හා හා..... මොක මොකක් කිව්වා...?

මම කෙලින් වෙලා ඇඳෙ ඉදගත්තා.මට හරියට ම ක්ලික් වුනෙ දැන්නෙ.. මොකක්ද ඒකෙ තේරුම?

🙎‍♀️නෑ මිස් මේකයි... අපේ client කෙනෙක්ට එදා පොඩි සිද්ධියක් වුනෙ...Mr. යුන්ගි ට....

ඔව් ඔව්....ඉතින්.. ඇයි.. ඇයි එයාට කොහොමද මොකක්හරි ප්‍රශ්නයක්ද ?
මගේ ඔලුව කැරකෙන්න ගත්තා.

🙎‍♀️ඔව් මිස්.. කලබල වෙන්න දෙයක් නැහැ .. සර්ට ආපහු ඒ shoulder pain එක ඇවිත්.. එයාව operate කරන්න වෙනවා කියලා ආපහු කොරියාවට යනවලු...

මොකක්?

🙎‍♀️ඔව් මිස්.. අපේ event එක කැන්සල් වුනා. කොහොමත් තව පොඩි shoot එකක් විතරනේ තිබුනේ..

අනේ.....

🙎‍♀️නැහැ මිස් බයවෙන්න දෙයක් නැහැ.. මිස්ගේ payment එක අපි account එකට දාන්නම්..

බම්බුවක් කතාකරනවා..අනේ..එයාට මොකද දන්නෙ නැහැ.. ඇයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැරි මේ භූතයට.... ඊයෙ රෑ එලියෙ මාත් එක්ක කියව කියව හිටපු හින්දද දන්නෙත් නැහැ... අනේ....

🙎‍♀️මිස්......
මට ආපහු නින්ද ගියා කියලා වෙන්නැති හිතන්න ඇත්තෙ..

කීයටද flight එක ?

🙎‍♀️Sorry .. මොකක්ද ?

මං ඇහුවෙ එයාලාගෙ flight එක කීයටද ?

🙎‍♀️ආ මිස් එයාලා ගියා. මං හිතන්නෙ 5 ට වෙන්නෝනෙ තිබ්බෙ.. එයාලා දැන් fly කරනවා ඇති...

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now