Chapter 05

477 105 17
                                    

              ඉක්මනින් ම Train එක එයි කියලා හිතුවත් මට ඔහේ බලාගෙන ඉන්න සිද්ධවුනා.

යුන්ගි ගොඩක් අවුලෙන් ඇති නේද කියලා හිතද්දි මට හිතුනෙම ගිහින් කොහෙ හරි ඔලුව හප්පගන්න...

කොහොමහරි train එකෙ ඇවිල්ල බැහැල මගේ අපාර්ට්මන්ට් එකට තියෙන පුංචි දුර හිමීට හිමීට ගාටනකම්ම මං කල්පනා කලේ ඒ ගැන..

අනිත් එක කුටු කුටු ගගා මගේ පස්සෙන් තාමත් ආපු හැඩි දැඩි කොල්ලො දෙන්නත් ටිකක් විතර අමුතුයි කියලා මට තේරුණ.  ඒ දෙන්නා මං ආපු Train එකේ මයි ආවෙත්...මේකයි නිතර නිතර හැරිල බලන ඕන කෙනෙක් ව හොඳට note  වෙනවනෙ එහෙම හැරි හැරී බලන්න තරම් රූපශ්‍රීය ක් නැතිකොට..

හැමදාම වගේ ඔහේ ඕන එකක් වෙද්දෙන් කියලා  මං ගනන් ගත්තෙ නැහැ.

බඩත් කෑගහනවා ඇහුණ හන්දා මං ගෙදර යන්න කලින් මොනාහරි බොන්න ඕනෙ කියලා coffee shop එකට බඩගෑවා. ඔය හොඳ coffee එකක් හෙම බිව්වම මුලු ලෝකෙම බර දරාගෙන ජීවිතෙට අභීතව මුණ දෙන්න තරම් ගට් එකක් මට එනවා...


මං ගිහින් ඉඳගෙන ඕර්ඩර් කරලා වටපිට බලද්දියි දැක්කෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං ගිහින් ඉඳගෙන ඕර්ඩර් කරලා වටපිට බලද්දියි දැක්කෙ..අර කොල්ලෝ දෙන්නත් ටිකක් ඈතට වෙන්න ටේබල් එකක ඉඳගෙන හිටිය,  ඒ මදිවට මං දිහා කන්න වගේ බලන් හිටියෙ හරියට මං තරම් කැත ප්‍රාණියෙක් මේ ආත්මෙට දැකල නෙ වගේ.. ඒකට නම් දොසක් කියන්න ත් අමාරුයි ඉතින්..

මගේ පාඩුවෙ සෑහෙන වේලාවක ට පස්සෙත් ඒ හාදයො දෙන්න තවමත් මේ පැත්ත බලාගෙන හිටියා. කලුවර වැටෙමින් තිබුනු නිසා මං දඩිබිඩියේ නැගිටිද්දි ඒ දෙන්නත් නැගිට්ටෙ නිකන් යන්තන් දැන්වත් ගෙදර යන් කියන්න වගේ...

මේක නම් අල්ලන් නෑ.. කතා කරලා ම විසඳගමු..

මං ඒ පැත්තට යන්න කලින් shop එකෙ ලොකු වීදුරු වලින් පේන පාර පැත්ත බැලුවෙ නිකමට වගේ....

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now