Chapter 04

501 105 4
                                    

උදේ ඉඳන් මුලු දවසම ඇඳට ම වෙලා ඉන්න මම තීරණය කලා. ජෙනී හිටපු ගමන් කතා කරලා කිව්වෙ වෙම්බ්ලි වල CONCERT එකට මෙහෙට ඇවිත් හිටපු BTS SUGA ඊයේ රෑ අපේ පැත්තෙ කෙල්ලෙක් එක්ක ඉඳපු ෆොටෝ වගයක් තියනවා දැක්කා කියලා, ෆොටෝ වලින් හරියටම අඳුරගන්න බැරි හින්දා ඒ මූසල කෙල්ලව හොයාගෙන කෑලි කෑලි වලට කපලා මරලා ගඟට දාන්න කියලා එයා හදපු ප්ලෑන් එක දොඩවන්න ගත්ත හන්දා මට කෝල් එක Cut කරන්න වුනා.

දවල් වෙද්දි කොහොමහරි බඩගාගෙන වගේ ඇවිත් තේ එකක් හදාගන්න පුළුවන් වුනා. සැලකිය යුතු මහන්සියක් නොතිබුනත් මට තිබ්බෙ තදබල හිතේ අමාරුවක්..

ඊයේ ගත්තු ෆොටෝ ස් සුද්ද කරන්න කියලා මං කැම් එක අතට ගත්තා. කැමරාව මං ගාව තියෙද්දි යුන්ගි වෙන පැත්තක් බලාගෙන හිටපු තැන් වල කිසිම මහන්සියක් නැතිව හැන්ඩියාගේ PERFECT ෆොටෝ දෙක තුනක් ගහගන්න මට පුළුවන් වුනා. ඒ ෆොටෝ දෙක තුනත් එක්ක මම හෙමිහිට කැමරා රෝල් එක ආපස්සට බලන්න ගත්තා.

අපි දෙන්නා කරපු අර මෝඩ විකාර photoshoot එකෙ ෆොටෝ තොගයක් තිබුනා. ඒ හැම ෆොටෝ එකකින්ම ටිකෙන් ටික යුන්ගි ගෙ හිනාව වැඩි වෙලා තිබ්බා. ඊටත් වඩා කට බලියාගෙන මට බලන්න සිද්ධ වුනේ එයා අරගෙන තිබුනු මගේ ෆොටෝ දිහයි. නියම angel එකට , lightning නියමෙට ම set වෙන විදිහට ඒ ෆොටෝ ස් තිබ්බෙ හරියට හරිම පරිස්සමට, නියම වේලාවෙදිම capture කරගෙන වගෙයි. ගොඩක් තැන් වලදි මම වෙන පැත්තක් බලාගෙන හිටපු ෆොටෝ තිබ්බෙ හරියට ෆොටෝ එකක් ගන්නවා කියලා මට මෙලෝ සිහියක් නැති ගානකට...

මම වගේම එයත් මම කරපු විදිහට ම නොදැනෙන්න ෆොටෝ අරගෙන තියෙන බව මට තේරුම් ගියා...

එයාව ආපහු මේ විදිහට මුණ ගැහුනේ නැතිවුනත්, අඩුම තරමේ අපි හම්බුනේ එකම එක රැයක දි අහම්බෙන් වගේ වුනත් අපි කොයිතරම් නම් කතා කලාද කිව්වොත් මට දැනුනේ කාලාන්තරයක විතර ඉඳන්ම එයාව දන්නවා වගෙයි... සමහර විට එයා ඒ වගේ ලොකු , ජනප්‍රිය, ලස්සන, සල්ලිකාර celebrity කෙනෙක් නොවුනා නම් ආයේ දෙකක් නෑ අපිට හොඳම යාලුවෝ වෙන්න තිබ්බා...සමහරක් විට...අනේ මන්දා...

' ට්‍රාං ටින් ටින් ටිටිං ටිං ......'

මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ආපහු SUGA ව දැලේ දාගත්ත අර අහිංසක සුන්දර ගෑනුලමයා ව මරන්න ඕන හොඳම විදිහ ගැන කතාකරන්න ජෙනී වෙන්නැති...

One Night Love At London  ( COMPLETED )Opowieści tętniące życiem. Odkryj je teraz