Chapter 09

456 105 23
                                    

"ඔයා මොනාටද ඔයාට අදාල නැති දේවල් කරන්නෙ......? "

මං කැමරාවත් තියාගෙන අන්දභූත වෙලා හැරෙද්දි යුන්ගි අත් දෙකත් බැඳගෙන මාව scan කරනවා වගේ බලන් හිටියා.

"මං.. මොනා.."

"ඔයාට අදාල වැඩේ කරන්න.. නැත්තම් photographers ලා වෙනම යි makeup artists ලා වෙනමයි ඕනෙ නෑනේ..."

"නේද.....? "
එයා ඇහුවේ මං කිසි උත්තරයක් නොදී මේ මනුස්සයට මොන යකෙක් වැහිලද කියලා බලාගෙන ඉද්දි..

යුන්ගි කටහඩෙ තරහක් තිබ්බෙ නෑ , ඒ හින්දම ද මන්දා මට හිතුනේම පොර ට හොඳටෝම තද වෙලා කියලා..

මම ටිකක් කල්පනා කලේ, මට මතක විදිහට නම් කාටවත් මේකප් දාන්න හරි එහෙම නැත්තම් අර සීදේවි ගෑනුලමයින්ගේ මේකප් බඩු මොකවත් ගන්න ගියෙත් නෑනේ ..

"ඕහ් ! හරිනේ.... අරයාගේ කොණ්ඩෙ පොඩ්ඩක් හැදුවනේ.... මං ඉතින් ඒ කොලු පැටියව අල්ලලා කන්න හැදුවයැයි, යස කතාවක් නේ මේ කියන්නෙ..

හොද වෙලාවට අපි දෙගොල්ලොම break එකක් ගත්තු නිසා වැඩියෙ කවුරුත් ම ලගපාත හිටියෙ නැහැ, ඒත් ටිකක් එහාට වෙන්න හිටපු කෙල්ලෝ දෙන්නෙක් කුටු කුටු ගගා මේ පැත්ත බල බල හිටියා.

එයා හැරිල යන්න හැදුවත් ආපහු හැරුණා.

"මොනාහරි කෑවද ? "

මම නෑ කියන්න ඔලුව වැනුවා.

"හ්ම්.. මොනාහරි කන්න බඩගින්නෙ ඉන්න එපා.."

මං පුදුම වුන පාරට මට මොකුත් කියාගන්න හම්බුනේ නැහැ..

"හියුන්ග්..." අර ගැඹුරු කටහඩ යුන්ගි ගේ පිටිපස්සෙන් ඇහුනා.

එයා මේ පැත්තට එන්න යද්දි ම යුන්ගි හැරිල තේහ්යුන්ග් දිහාවට යන්න ගත්තෙ තව කිසිම දෙයක් මට කියන්නෙ නැතුවයි.

ඔය දෙන්නත් එක්කම යන්න ගත්තෙ ආපහු මේ පැත්ත වත් නොබලා..

හ්ම්... මාත් ඉතින් අර එක එක ජාතියෙ කෑම වර්ගත් එක්ක බුෆේ එකකට වගේ කෑම දාලා හදලා තිබුනු මේසෙකට කිට්ටු කලා.

ඔය මොන දේ සිද්ධ වුනත් එයා කිව්වත් වගේ කෝකටත් කලින් බඩ කට පුරවගන්න ඕනෙ , හාමතේ මැරෙන්න බෑනේ..

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now