Chapter 1

795 91 10
                                    


දිනන්න හෝ පරදින්න මන් මගේ ජීවිත සෙල්ලම ඇතුලේ සෙල්ලම් කරන්නම ඕන

_
_

____________________________

කන් අගුලුවැටෙන තරම් සද්දෙට වැයෙන ඩිස්කෝ සංගීතයට ඩාන්ස් ෆ්ලෝර් එකේ මෙලෝ සිහියක් නැතුව නටන විවිද වයසේ පිරිමි,කාන්තාවෝ දිහා බලාගෙන කටකොනින් හිනාවුන තරුණයා විස්කි වීදුරව තොල ගෑවේ හරිම හිමීට හරියට අද නම් ඉක්මනට බොන්න ඕන නෑ වගේ හැගීමකින්....විස්කි වීදුරුව තොල ගාපූ තරුණයාගේ අවධානය වෙනස් උනේ ඔහුගේ ඇගේ දැවටෙන කෙල්ල නිසා.....

"ඉතින් හැන්ඩ්සම්...ඇයි ඔයා මෙතන තනියම"
තමන්ගේ මූන දිගේ ඇගිලි යවන කෙල්ලගේ අත තමන්ගේ අත් අතරට තදකරලා අල්ලපු තරුනයා කෙල්ලගේ ඇස් වලට බරවුනා...

"මගේ තනිය මන් බලාගන්නම් ස්විටී"
තද කරලා අල්ලන් හිටපු අතින්ම කෙල්ලව තල්ලු කරලා දාපු තරුනයා button තුනක් unbutton කරපු සුදු ශර්ට් එකත් හරිගස්සගෙන ක්ලබ් එකෙන් එලියට ඇවිත් තමන්ගේ සැපපහසු බෙන්ස් රථයට නැග්ගා......

"බොස් කොහෙටද යන්නේ..."
තමන්ගේ රියදුරාගේ පැනයට පිලිතුරක් නොදීම තරුනයා හිස සීට් එකට තියාගෙන ඇස් වසාගත්තා....

"හරි බොස්"
තම ප්‍රධානියාගේ අණ තේරුම් ගත්ත රියදුරු රථය ඉදිරියට රැගෙන ගියා.....නින්දත් නොනින්දත් අතර හිටි තරුණයාගේ ඉරියව්වට බාධා කරමින් දුරකථනය නාදවුනෙත් ඒ වෙලේමයි......

📞"..........."

"යාහ් නවත්තගන්නවා ඔය ඇති...මන් එනගමන් ඉන්නේ"
තමන්ට කතා කරන්න නොදීම එහාපැත්තෙන් කතා කරන කෙනා නිසා තරුනයා තරමක් ආවේගයෙන් කතා කලේ...

📞".........."

"ගාඩ්ලාව එක්ක යන්න..හහ් මට තනියම දෙයක් කරගන්න බෑ කියලා හිතුවද"
කටකොනකට හිනාවෙලා තරුනයා කතා කරේ අපහසයට වගේ.....

📞"......"

"යාහ් නවත්තගන්නවා...මන් ඉක්මනට එන්නම්"
දුරකතනය සීට් එකේ පැත්තකට විසික් කරලා දාලා තරුණයා නැවතත් ඇස් පියාගත්තා......ධාවනය වෙමින් තිබෙන රථය එක සැරේ නැවතුන නිසා තරුනයා ඇස් ඇරලා ඉස්සරහ බලද්දී දැක්කේ තමන්ගේ රථය හරස් කරගෙන නවත්තලා තිබුන බෙන්ස් එකකුයි..කොහෙටවත් යන්න බැරිවෙන්න තමන්ගේ රථය වටකරගෙන තිබුන ජීප් ටිකයි......

||DEAR_MAFIA||Completed Where stories live. Discover now