Chapter 21

216 74 4
                                    

"Lora pov:

"කේන් ඇඩම්සන්"
මගේ ඉස්සරහ හිටගෙන ඉන්න මනුස්සයා කේන්.....
මීට අවුරුදු හතරකට කලින් මගේ ඉස්සරහම මැරුණ කේන් මේ දැන් මගේ ඉස්සරහ ඉන්නේ කොහොමද කියලා තාමත් මට හිතාගන්න බෑ .....

"ඔයා ජීවත් වෙන්නේ කොහොමද"

"මන් මැරෙනවා ඔයා දැක්කද ප්‍රින්සස්....මට බුලට් වැදිලා තිබුනේ කොතනටද කියලා ඔයා දැක්කද ප්‍රින්සස්"
කේන් කියන දේවල් එක්ක මගේ අතීතේ අවුරුදු ගානක් ඈතට යද්දී එයා මැරුණා කියලා මම දැනගත්තේ හොස්පිට්ල් එකේදී කියලත් බුලට් වැදුන තැන හරියට මට මතක නෑ කියලත් මතක් වෙද්දී මන් මෝඩයෙක් වෙලා කියලා මට තේරුණා.....
ඒත් මට එක ප්‍රශ්නයක් තිබුනා..

"ඒත් කේන් ඇයි මාව යූස් කරේ"
මන් ඇඩුවේ නෑ ඇස්වලින් ආව කදුලුත් මන් නවත්ත ගත්තා...
මාව රවට්ටපු කෙනෙක් වෙනුවෙන් ඇයි මම අඩන්නේ....

"මට වඩා හොදට ඔයාට පලිගන්න පුලුවන් කියලා මම දැනගෙන හිටියා...."

"හරි දැන් ඔයා ජීවත් වෙනවනේ දැන් අපි මේ දේවල් නවත්තලා පරණ විදියටම ඉමු බේබි"
නිරපරාදේ කෙනෙක්ට දුකක් දුන්නා කියලත් තවත් මිනිස්සුන්ව මරන්න තරම් මට හයියකුත් නෑ කියලා මම දන්නවා මට ඕන උනේ ඒක මෙතනින් නවත්තන්න.....
ඒත් කේන් ඔලුව දෙපැත්තට වනලා විසිල් කරද්දී Panthers ඇවිත් කේන්ගේ පිටිපස්සෙන් හිටගත්තේ මාවත් පුදුම කරලා.......

"ම්හ් මේක නවත්තන්න බෑ ලෝරා ඔයාගෙන් මන් ගන්න තිබුන වැඩ ටික අරගෙන ඉවරයි...ඔයාට පුලුවන් දැන් මගෙන් ඈතට යන්න"
කිසිම ගානක්වත් නැතුව කේන් කියද්දී තවත් මගේ කදුලු මට අවනත උනේ නෑ....
මන් මේ මිනිහා වෙනුවෙන් කොච්චර ඇඩුවද ඒත් ඒ කදුලු වල තේරුම මන් රැවටුනා කියන එක.....

"ඇයි නවත්තන්න බැරි කේන්....යුන්ගි ඔයාට කරපු වරදක් නෑනේ දැන් ඇති මේ හැමදේම"
කේන් කිසිම හැගීමක් නැති ඇස් දෙකකින් මන් දිහා බලන ගමන් මන් ලගට ඇවිත් මගේ බෙල්ල තද කරලා ඇල්ලුවේ මගේ ඇස් ජේවොන්ව හොයද්දී....
ඒත් එතනත් මන් රැවටිලා....
ජේවොන් කේන්ගේ පිටිපස්සෙන් ගිහින් හිටගෙන මන් දිහා බලන් හිටියා.....
"ජේවොන්" මන් වැඩිපුරම විශ්වාස කරපු කෙනා...
එයත් මට වංචා කරද්දී කේන්ගේ අත තවත් මගේ බෙල්ලට තදකරගෙන මට මැරෙන්න හිතුනා....
අවුරුදු හතරක් අන්ධයෙක් උනා මම ඇස් පෙනිලත්....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now