chapter 18

244 68 23
                                    

තමන්ගේ පෞද්ගලික ජෙට් එකෙන් ඇමරිකාවට ආව යුන්ගි එක්ක ජීමින් ටේහ්යොන් දෙන්නත් ඇමරිකාවට ආවේ දිග ගමනකට පස්සේ.....හවස හතට ලෑස්ති කරලා තිබුන ඩීල් එක වෙනකන් තමන්ගේ හොටෙල් රූම් එකේ නින්දක හිටපු කොල්ලා ගැස්සිලා ඇහැරුණේ මොනාහරි දේකට බයවෙලා කීයලා තේරුම් යන්න ඒ හැටි වෙලාවක් ගතවෙන්නේ නෑ.....නලල දිගේ බේරුණු දාඩියත් ඇගටම ඇලිලා තිබුන ටීශර්ට් එකත් ඔලුව අත්දෙකෙන්ම බදාගෙන දොඩවන කොල්ලා හීනෙන් බය වෙලා වගේ........

"ම්...මෙලී"
කැඩුණු වචනත් එක්ක කොල්ලා මිමුණුවා.....
ඒ හීන අස්සේ මෙලී ඉදලා.....

"හ්යොන් නැගිටින්න පහමාරයී වෙලාව"
රූම් එකට ගහන සද්දෙවත් කොල්ලට ඇහුනේ නෑ....
ඒ තොල් එකම නමක් මුමුණණවා....

"හ්යොන් ඔයා හොදින්ද....කතා කරන්නකෝ මොකද උනේ"
යුන්ගිගේ ඉකිගහන සද්දෙට එලියේ හිටපු ජීමින් බයවෙලා කෑගැහුවේ යුන්ගි අඩන එකට හේතුවක් හොයාගන්න.....
ඒත් කොල්ලගෙන් ඉකිගැහිල්ලක් විතරක් ඇහෙද්දී ජීමින් රූම් බෝයි කෙනෙක්ට කියලා එක්ස්ට්‍රා කී එකක් ගෙන්නගෙන දොර ඇරියත්,..

"හ්...හ්යොන්"
ජීමින් හිටපු තැනම තරමකට ගල් ගැසුනේ යුන්ගියාව දැකලා....
ඒ එක අතකින් ලේ ගලනවා ඒත් කොල්ලට ගානක්වත් නෑ එයා ඔලුව බදාගෙන මුමුණණවා....
පැත්තක බිදිලා තිබුන වීදුරු කෝප්පෙ දිහා බලන් ලොකු හුස්මක් ගත්තු ජීමින් යුන්ගි ගාවට ගිහින් ඒ ඔලුවෙන් යුන්ගිගේ අත්දෙක ඈත් කරේ තමන්ගේ ඇස්වල කදුලු පිරෙද්දී......

"ජීමිනා මගේ ප්‍රින්සස්..."
යුන්ගි ඇස්වල කදුලු පුරෝගෙන කියුවේ එච්චරයි.....
ජීමින්ව බදාගත්ත කොල්ලා ඇඩුවේ ජීමින් ලග සහනයක් දැනෙද්දී.....

"හ්යොන්"
ජීමින් යුන්ගිගේ ඔලුව අතගෑවේ හදවතේ ඇතිවුන දුකක් එක්ක.....
කවදාවත් ඇස්වල කදුලු පුරවගත්තේ නැතී තමන්ගේ අම්මා මැරුන වෙලේවත් ඇඩුවේ නැති තමන්ගේ හ්යොන් අඩද්දී ඒ පපුවට රිදුනේ නෑ කියන්නේ කොහොමද.....

"මගේ කෙල්ල මගේ ඇස්දෙක ඉස්සරහම හුස්ම අල්ලන්න උත්සහ කරද්දීත් මට බැරිඋනා බන් මගේ මැනිකව බේරගන්න...මන් මොකෙක්ද ජීමිනා මට මගේ මැනිකට රිද්දන්න විතරමයි පුලුවන් උනේ එයා එක්ක මන් ආත්ම ගානකට හීන මැව්වා ජීමින්.....අනේ එයා ඇයි බන් මාව තනිකරලා දාලා ගියේ....නෑ මම නේද ජීමින් එයාව නැති කරගත්තේ මට එයාව බේරගන්න බැරිඋනා බන්...මන්..මන් මහ මෝඩයෙක් කිසිම දෙයක් කරගන්න බැරි උන දුර්වලයෙක්"

||DEAR_MAFIA||Completed Where stories live. Discover now