Chapter 24

223 68 5
                                    

:Yoongi pov:

දෛවය කියන එකාට මාව විහිලුවක්....
හැමවෙලාවකම මරණය මගේ ඉස්සරහට ගෙනල්ලා ඒකෙන් මාව බේරලා දානවා.....
මන් තාම දන්නේ නෑ ඊයේ කා එකට බෝම්බ තිබ්බේ මොකාද කියලා ඒත් ඒකත් ලෝරාගේ වැඩක් වෙන්න ඇති වෙන හතුරෝ කොහෙන්ද මට......
එක ඇගිල්ලක දිලිසෙන මගුල් මුදුව දිහා බලාගෙන හිරවෙන්න තරම්වත් ලස්සන මතක මට නෑ....මන් කරේම ඒ කෙල්ලට වදදුන්න එක විතරනේ......
එකම එක හීනෙකින්වත් ඇවිත් එයාට මන් එක්ක කතා කරන්න ඕන නැතුව ඇති......

-"ප්‍රින්සස්....."
මගේ ඉස්සරහ තියෙන මෙලීගේ සොහොන දිහා බලන් මන් මිමිණුවේ උත්තරයක් ලැබෙන්නේ නෑ කියලා දැන දැනමයි.....
දින මාස කොයිතරම් ගෙවිලා ගියත් හිතේ තියෙන ආදරේ නම් දවසින් දවස වැඩි උනා විතරයි ඒකේ අඩුවක් වෙන්නේ කොහොමද මෙලී මගේ ගාව නැතත්....

-"ප්‍රින්සස් ඔයා දන්නවද ඊයේ ටේ මට ගහයි කියලා මන් හිතුවේ....ටේ මට ගහන්නේ නෑ කියලා මන් දන්නවා ඌ ඉතින් මගේ මල්ලිනේ.....ඒ උනාට මට පිස්සු කියලා ටේ මාව කා එකෙන් ඉස්සරහට ඇදගෙන දිව්වා....ඊයේ තමා මන් පලවෙනි වතාවට දැක්කේ ටේගේ ඇස් නපුරුකමෙන් දිලිසෙනවා......ආහ් ඔයාගේ කුකී ගැන කියන්නත් ඕනනේ ඒ ඔයාගේ පොඩි එකානේ"
කුකීව මතක් වෙලා ආව හිනාවට එහෙන්ම ඉන්න ඉඩ ඇරලා මන් කතා කරා....

-"කුකී දැන් ලොකුයි ප්‍රින්සස් ඒත් එයා තාමත් මගේ පොඩි එකා.....ඔයාගේ නපුරු ලේකම් එයා නම් තාමත් මගේ නැට්ට තමා....ජීන් හ්යොනුත් තාමත් මන් එක්ක...ජූන් එක්කයි හොබී එක්කයි ඔයා වැඩිය කතා නොකරට එයාලත් හොදින් ඉන්නවා......මන් දාලා ගියත් එයාල නම් මාව දාලා යන්නේ නෑ ප්‍රින්සස්......"
ඇගේ වැදුණ සුලගත් එක්ක මන් හුස්මක් ගත්තේ මගේ පුංචි පවුල මතක් වෙලා...
මෙලීත් හිටිය නම් ඒ පවුල සර්වසම්පූර්ණයි....
මගේ දැහැනට වද දුන්න කෝල් එක ආන්සර් නොකර මන් හිටියත් ආයෙත් කෝල් එක එද්දී මන් ඒක ආන්සර් කරා......

-"හ්යොන් ක්ලබ් එක ගිනි අරන්...."
ජීමින්ගෙන් ඇහුණ කලබලකාරී කටහඩට මන් ඉද්ද ගැහුවා වගේ නැගිට්ටේ වෙලා තියෙන දේ හිතාගන්න බැරි නිසා...

-"කොයි එකද ජීමිනා...."

-"බුසාන් ක්ලබ් එක හ්යොන්....drugs ටිකත් අපි පෙරේදා බුසාන් ක්ලබ් එකට ගිහින් දැම්මා"
මගේ හැමදේම වතුරේ යනවා වගේ දැනෙද්දී මන් නලල දෙපැත්ත මිරිකගත්තේ සන්සුන් වෙන්න ඕන උන නිසා....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now