Chapter 19

217 63 0
                                    

-"ලෝරා ඔයා හොදින් හිටියද දරුවෝ....ඇයි මෙච්චර දවස් ගියේ මාව බලන්න එන්න"
ගෑණු කෙනා ලෝරාගෙන් කිසිම උත්තරයක් නැතුවත් කතා කරේ අවුරුදු ගානකට පස්සේ තමන්ගේ දුව වගේ හිටපු කෙනා තමන්ව බලන්න ආව සතුටට...

-"එන්න අපි ඇතුලට යමු....."
ලෝරා ජේවොන් දිහා බලලා ඇතුලට ගියේ ඇස්වලින් එලියට එන්න දගලන කදුලු නවත්තගන්න උත්සහ කරන ගමන්.....

-"සේරා ඔම්මා ඔයා හොදින් හිටියද"

-"මන් හොදින් ඉන්නේ කොහොමද දරුවෝ......."
කෙල්ල ලගින්ම ඉදන් හිටපු සේරා කියුවේ කෙල්ලගේ ඔලුව අතගාන ගමන්.....

-"අවුරුදු ගානක් ගෙවිලා ගිහින් සේරා ඔම්මා......අද මන් ඉන්න තැනට එයා කැමති ඇති නේද ඔම්මා"

-"ඔයා කරන්නේ හරිදේ දරුවෝ...ඒනිසා ඒ ගැන දුක්වෙන්න එපා"

-"සේරි ඔම්මා මන් බේබිව බලලා එන්නද..."
යන්න එපා කියන්න ඕන උනත් කෙල්ලගේ කදුලු පිරුණ ඇස්දෙක ඉස්සරහ සේරි අසරණ උනා.......
සේරි ඔලුව වනද්දී කෙල්ල උඩතට්ටුවට දිව්වේ ජේවොන් එක්කත් හිනාවෙලා......

:Lora pov:

අවුරුදු හතරකට පස්සේ......
අවුරුදු හතරකට පස්සේ මන් ආයෙත් එදා හිටපු තැනම....
අඩන්නත් කදුලු නැතිකරපු දොර ඉස්සරහ මන් ආයෙත් අවුරුදු හතරකට පස්සේ......
මන් දොර ඇරන් ඇතුලට ගියා.....
පටන් ගත්ත විදියටම කිසිවෙනසක් නැතුව ඒ කාමරේ අදටත් තියෙනවා........
ඇදට උඩින් බිත්තියේ ගහලා තිබුන රාමු කරපු පින්තූරේ පැත්තකින් ලියලා
තිබුනේ,
Ken Adamson......
හුස්මක වටිනාකම මට කියලා දුන්න නම....
මගේ බේබී......
මගේ ජීවිතේ වෙනස් උන තැන......
අවුරුදු හතරකට එහාට මගේ මතකේ පියාඹද්දී මන් බිමින් දනගහගත්තා.....
මන් මහ හයියෙන් කෑගහලා ඇඩුවා
එදා වගේම......

---------
පොඩි කාලේ ඉදන්ම ඇමරිකාවෙම හැදුන වැඩුන මගේ නම ඇමරිකාවට වලංගු උනේ ලියෝනා කියලා ඒත් kenට මම ලෝරා ..
කොලේජ් යද්දී මගේ හොදම යාලුවා උනේ ken....
අපි යාලුකමට එහා ගියපු ආදරේට මෙහා නැවතුන හැගීමක් ලග අවුරුදු දෙකක් ගත කරා....
ඒත් මගේ 21වෙනි උපන්දිනේ දවසේ ken මට ආදරෙයි කියුවා....
එදා තරම් ජීවිතේ කිසිම දවසක මන් සතුටු උනේ නැතූව ඇති......
අපි එතනින් එහාට අවුරුදු දෙකක් සතුටින් හිටියා....
ken මට වඩා අවුරුදු හතරක් වැඩිමල්....ken සාමානය කෙනෙක් උනේ නෑ එයාට පරම්පරාවෙන් ආව මාෆියා උරුමයක් තිබුනා.....ඒත් ඒක එහෙමයි කියලා කවදාවත් මන් kenට බයවුනේ නෑ.......
මොකද ඒ හැමදේම අමතක වෙන්න තරම් ken මට ආදරේ කරා....
හැමදෙයක්ම අවසාන උන ඒ දවසේ මන් ken එක්ක park එකට ගියා......
අපි දෙන්නාටම වෙන්වුන ඒ park එකේ ඉදන් දාහක් දේවල් අපි කතා කරා.....

||DEAR_MAFIA||Completed Wo Geschichten leben. Entdecke jetzt