Chapter 4

331 86 7
                                    

JK ඩීල් එකක් වෙනුවෙන් තමන්ගේ ක්ලබ් එකට ආවේ ජීන් එක්ක..ඒදෙන්නා තනියම ක්ලබ් එකට ආවේ යුන්මින් දෙන්නා කා එක ගත්ත ගමන් ක්ලබ් එකට එනවා කියුව පොරොන්දුව නිසයි....

"හ්යොන් කෝ අරුන්"
පැයක් තිස්සේ ක්ලබ් එකට වෙලා ඉදගෙන හිටපු JKට එපාම වෙලා ජීන්ගෙන් ඇහුවා....

"ඉදපන් තව විනාඩි පහක් තියෙනවා..උන් වෙලාවට වැඩ කරන්නේ තමුසෙට හදිසිවෙලා පැයකට කලින් ආවට"
ජීනුත් එපාමවුන කටහඩකින් කතා කලේ JKගේ මෝඩ වැඩ ගැන හිත යටින් දෙහි කපන ගමන්.....

"JK සර් කට්ටිය ඇතුලට එනවා"
ගාඩ් කෙනෙක් ජීන්කුක් දෙන්නට ආචාර කරලා කියද්දී ඉනේ ගහගෙන හිටපු ගන් එක නොපෙනෙන්න කලු ශර්ට් එකත් හදාගෙන JK නැගිට්ටේ ජීන් එක්කමයි....

"ඇලෙක්ස් වෙලාවට වැඩනේ"
JK කටකොනකට හිනාවක් නගාගෙන අතට අත දෙන ගමන් ඇලෙක්ස් කියන කෙනා එහෙම නැත්තම් ඩීලර්ට කියුවට පස්සේ ජීන්කුක් දෙන්නත් ඇලෙක්ස් එක්ක ආව තුන්දෙනත් වාඩි උනා....

"JK කියපු ගානටම නේද වැඩේ කරන්නේ"
ඇලෙක්ස් කකුලක් පිට කකුලක් දාගන්න ගමන් JK දිහාට දැම්මේ උපහාස හිනාවක් ....

"ඇයි ඇලෙක්ස් කියපු ගානට වැඩේ කරන්න අකැමතිද"
JKත් ඇලෙක්ස් දිහාට දැම්මේ උපහාස හිනාවක්.....

"කියපු ගානට වැඩේ කරමු JK කිසි ප්‍රශ්නයක් නෑ"
ඇලෙක්ස් JKට සාම්පල් එකක් දෙන්න හදද්දිම ගාඩ්ලා වට කරගෙන සුගා JKලා හිටපු තැනට ආවෙත් ජීන් ඇතුලුව හැමෝම නැගිටලා සුගාට ආචාර කරෙත් එකම වෙලාවේ......

"JK ඇලෙක්ස් මොනාද කියන්නේ"
සුගා සෝෆාවෙන් ඉදගන්න ගමන් ඇහුවේ තමන්ගේ දෙපැත්තෙන් හිටගෙන ඉන්න JK,ජීමින්,ජීන් දිහාත් තමන්ගේ ඉස්සරහ ඔලුව පාත් කරගෙන ඉන්න ඇලෙක්ස් ඇතුලු එයාගේ ගෝලයෝ තූන්දෙනා දිහත් හොදට බලලා.....

"සුගා බොස් ඔය ටේබල් එක උඩ තියෙන්නේ සාම්පල් ටික"
ඇලෙක්ස් වෙව්ලන ගමන් ටේබල් එක උඩ තිබුන හෙ××න් සාම්පල් එක සුගාගේ අතට දුන්නා.....සාම්පල් එක කඩලා ඒක උඩ ඇගිලි හරි මෘදුව අරන් ගියපු සුගා ඇස්දෙක වහගෙන ලොකු හුස්මක් පිටකරා.....

"ස්...සුගා."
ඇලෙක්ස්ගේ කතාව නැවතුනෙ ටේබල් එක පැත්තක තිබුන ගෑරුප්පුවක් තමන්ගේ ගෝලයෙක්ගේ බෙල්ල හිල් කරගෙන යනවත් එක්ක...සුගා ගෑරුප්පුව විසික් කරපු ක්ශනික ඉන පිටිපස්සේ ගහගෙන හිටපු ගන් එක ඇලෙක්ස් දිහාට ඒම් කරා...ඇහිපිල්ලමක් ගහන වේගෙන් සුගා ටේබල් එකේ පැත්තක තිබුන ගෑරුප්පුව ගත්ත විදිය ගැන එතන හිටපු කාටවත් අවබෝධයක් තිබුනේ නෑ..සුගා ඇලෙක්ස් දිහාට ගන් එක ඒම් කරනවත් එක්ක ගාඩ්ලා,ජීන් ,JK,ජීමින් තමන්ගේ ගන් ඉතුරු වෙලා හිටපු තුන්දෙනාගේ පැත්තට ඒම් කරා....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now