chapter 13

297 82 4
                                    


~පසුදින~

:Yoongi pov:

"යුන්ගියා මේ අත ගන්නකෝ මට කෑම හදන්න පරක්කු වෙනවා"
මගේ අතින් ගැලවෙන්න උත්සහ කරන ගමන් මෙලී කියද්දී මන් නිදිවගේ හිටියේ මේ මොහොතත් උපරිමේ විදින්න හිත කියපු නිසා...

"මන් දන්නවා නිදි නෑ කියලා...මාව අතාරිනවද නැත්තම් අද නොකා ඉන්නවද"

"අපි අද නොකා ඉමු නේද ප්‍රින්සස්.."
මන් ඇස්වහගෙනම එයාව තවත් තුරුල් කරගන්න ගමන් කියුවා...

"මරුවට තියෙයි නොකා ඉදලා....හරි අපි මෙහෙම කරමුකෝ කෑම කාලා ඉවර උනාට පස්සේ ඕන තරම් වෙලා මෙහෙම ඉමු හාද "
මෙලී මගේ නහයෙන් ඇද ඇද කියද්දී මන් හිමීට ඇස් ඇරලා එයාව අතෑරියම එයා හිනාවෙලා ඇදෙන් පැන්නේ පොඩි එකෙක් වගේ....

"ඔන්න එහෙනම් හොද බබා වගේ ගිහින් වොශ් එකක් දාගෙන එන්නකෝ මන් කෑම හදන්නම්"
එයා මට සොෆ්ට් කිස් එකකුත් දීලා රූම් එකෙන් එලියට ගියාම මන් ආයෙත් සැරයක් නිදාගත්තේ නින්ද මගේ ජීවිතේ වැදගත්ම කොටසක් නිසා......

තවත් පැයක් විතර නිදාගෙන නැගිටලා වොශ් එකකුත් දාගෙන පහලට යද්දී කොන්ඩෙත් කඩාගෙන මූන ඉස්සරහට වැටිලා තියෙන කොන්ඩ කෑලි අතින් පිටිපස්සට කරන ගමන් එයා කෑම හදනවා.....
මන් පිටිපස්සෙන් ගිහින් එයාව බදාගත්තම එයා මන් දිහා බලලා හිනාවෙලා ආයේ එයාගේ වැඩේ කරගෙන ගියා......

"ප්‍රින්සස් උදෙන්ම නෑවද"
එයාගේ මූනට වැටිලා තියෙන කොන්ඩ කෑලි පිටිපස්සට කරන ගමන් මන් කියුවේ ඒ කොන්ඩේ සුවද මගේ නාස්පුඩු වලට ගන්න ගමන්.....
ඉනෙනුත් පල්ලෙහට කඩාහැලෙන දිග කොන්ඩෙත් එක්ක මෙලීට තිබුනේ අමුතුම ලස්සනක්.....

"ගෑණු ලමයි උනාම හොදට නාලා කරලා සුවද ගාලා ඉන්න ඕනිනේ බබා"
එයා හරි හරියට උයන ගමන් කියුවා....
එයා එහාට යද්දී මන් එයාව බදාගෙනම එහාට යනවා ආයේ මෙහෙට එද්දී මාත් එනවා....
සෝයි සෙල්ලම....
ඔයාට මොනාද යුන්ගියෝ වෙලා තියෙන්නේ ඔයාට මේ විදියට පිස්සු හැදිලා වගේ හැසිරෙන්න බෑ ඔයා තමයි සුගා....
ඒත් ඉතින් මෙලී මාව පිස්සු වට්ටලනේ.....

"කෑම හදලා ඉවරයි බබා දැන් අපි කමු"
කෑම ප්ලේට් දෙක එයා dinning table එක උඩින් තියන්න යද්දී මාත් එයාට තුරුලු වෙලාම එයාගේ පස්සෙන් ගියා.....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now