Chapter 17

227 69 20
                                    

"හ්යොන් මේ ඉන්නේ ශැඩෝස්ලා"
Mansion එකේ ගාඩ්න් එකට කූකී එක්කගෙන ආවේ ඊතල වගයක් එක්ක දුන්නක් පිටේ බැදගෙන හිටපු හැටකට අධික පිරිසක්ව......

"ශැඩෝස්"
හිමින් නම මුමුණන ගමන් බර හුස්මක් පිටකරපු යුන්ගිගේ ඉස්සරහ ශැඩෝස්ලා දනගැහුවේ නෑ........
යුන්ගි දිහාට එල්ලවුන ඒ ඇස්වල තිබුනේ එඩිතරබවක්.....

"ඇල්ෆා කව්ද jk "

"ශුකී ඉස්සරහට එන්න"
කුකීගේ වචනෙත් එක්ක ඉස්සරහට ආවේ ගෑණු ලමයෙක්.......

"කොරියන් නෙමේ වගේනේ"

"ඔව් හ්යොන් ඇමරිකා වලින් ගෙන්න ගත්තේ"
යුන්ගි කුකී දිහාටත් හිනාවක් දාලා ශුකීගේ පැත්තට ගහන්න අත දික් කරත් යුන්ගිගේ ප්‍රහාරය වලක්වපු ශුකී යුන්ගිගේ පැත්තට ගහන්න අත දික් කරලා ආයෙත් ඒ අත පහලට දාද්දී යුන්ගි කුකී දිහා බලලා ඔලුව උඩ පහල කරේ "ඔයා හොදට කරලා තියෙනවා කුකී" කියන්න වගේ හැගීමකින්........

"ශුකී JK ඔයාලව හොදට ට්රේන් කරන්න ඇති කියලා මට හිතෙනවා වගේම මම දැන් දැක්කා......මට විරුද්ධ වෙන්න කීයටවත් හිතන්න එපා ඔයාලා කවුරුත්....මෙතන කොල්ලො කෙල්ලෝ ඔක්කොම ඉන්නවනේ තමන්ට අදාල වැඩේ විතරක් ඔයාලා කරාම ඇතී.....විශේෂම දේ ලෝරා....එයා තමයි අපේ ටාගට් එක.....හෙට ඉදන් අපි අපේ වැඩ ටික පටන් ගන්නවා අදට ඔයාලා විවේකයක් ගන්න.....දැන් හැමෝටම යන්න පුලුවන්"
යුන්ගිගේ අවසරෙත් එක්ක හුලගගකටත් වඩා වේගෙන් ශැඩෝෂ්ලා විසිර ගියා.....

"ගුඩ් ජොබ් කුකීයෝ"
ජීමින් පැනපු ගමන් කුකීගේ බෙල්ලෙන් අල්ලගෙන කුකීගේ කොන්ඩේ ඇවිස්සුවේ හිනාවෙවී......
කාලෙකට පස්සේ ඒ හතරදෙනා හිනාවෙනවා......

"ජීන් හ්යොන් මට මෙලීව බලන්න යන්න ඕනේ....මන් ගිහින් එනකන් අර තුන්දෙනාටත් mansion එකට එන්න කියන්න"

"හරි යුන්ගියා යන දිහාක පරිස්සමට ගිහින් එන්න......"

"හ්යොන් මාත් එන්නද නූනාව බලන්න යන්න ප්ලීස්"
බෝල ඇස්දෙක තවත් බෝල කරගෙන කුකී යුන්ගිගෙන් ඇහුවේ ඉල්ලීමකටත් වඩා ආයාචනයක ස්වරූපෙකට.....

"ම්හ්...හරි එන්නකෝ ඉතින්"

"මගේ හොද හ්යොන්"
යුන්ගිවත් එකපාරකට හග් කරලා කුකී දිව්වේ යුන්ගිගේ කා එක ගාවට....

||DEAR_MAFIA||Completed Where stories live. Discover now