Episode 03: His secret crush

518 115 18
                                    




Jimin's pov

Yesterday Evening

මම hat එක දාගෙන් මූණ පොඩ්ඩක් cover කරගෙන ගිහින් Dangmi ලගෙ gate එකේ bell එක ගැහුවා... ටිකකින් security වගේ ඇදුමක් ඇදගත්ත කෙනෙක් දුවගෙන ඇවිත් ගේට්ටුව ඇරලා " Sir මොකටද ආවෙ?" කියලා ඇහුවා...

"මම මේ vacancy එක ගැන විස්තර දැනගන්න කියලා... ලොකු sir ඇතුලෙ ඉන්නවද?"

"අහ් ඔව්... හැබැයි පොඩි වෙලාවක් ඉන්න වෙයි ලොකු sir ව හම්බෙන්න... ඔයා ගිහින් අර එළියෙ තියෙන bench එකෙන් වාඩි වෙලා ඉන්නකො...."

"හරි"

මම එහෙම කියලා ඇතුලට ගියෙ ඈත වාහනේ නවත්තන් හිටපු taehyungට ඇහැක් ගහන ගමන්... මම ගිහින් වත්තෙ bench එකේ ඉදගෙන වටපිට බැලුවා... ඒක මහ විශාල ගෙයක්... ටික වෙලාවකින් වත්තෙ වැඩ කරන අයවත් කවුරුත් පේන්න හිටියෙ නැති නිසා මම නැගිටලා පොඩ්ඩක් Dangmi ගෙදර පේන හරියක ඉන්නවද කියලා වටේ කැරකිලා බැලුවා...

"කෝ අර vacancy එක ගැන අහන්න ආපු එක්කෙනා?"

මට ඇහුනා අර security ඇවිත් ආයෙම එයාව හොයනවා කියලා ඒක නිසා මම ආයෙම එතනට ගියා...

"කොහෙද ගියෙ?"

"අහ් මේ... මම මේ... Washroom එකක් බැලුවෙ... "

"අහ් එහෙමද ඔයාට අර පැත්තෙ තියෙන washroom එක use කරන්න පුලුවන්... හදිස්සි නම් ගිහින් එන්න... හැබැයි Sir කිව්වා ඔයාට ඇතුලට එන්න කියන්න කියලා...

"අහ් හරි හදිස්සි නෑ... මම යන්නම් එහෙනම් ඇතුලට"

"එන්න මම sir ගෙ office එක පෙන්නන්නම්"

Dangmi ලගෙ තාත්තගෙ office එක තියෙන්නෙ එයාලගෙ ගෙදර ඇතුලෙ නිසා මට ගෙදර ඇතුලට යන්න chance එක set උනා... මම දිගටම වටපිට බලබල ඇතුලට ගියා... ඒත් මම office එක ඇතුලට යනකන්ම Dangmiව දැක්කෙ නෑ...

"Sir ඇතුලෙ ඉන්නවා මහත්තයා ඇතුලට යන්න"

Security එහෙම කිව්වම මම හොද හුස්මක් අරන් office එක ඇතුලට ගියා...

" Sir මම අර driving vacancy එකට...."

"අහ් එන්න ඉදගන්න... කෝ CV එක ගමු බලන්න..."

CV එකත් තියා ටිෂූ කොළයක්වත් අරන් ආපු නැති මම උඩ බිම බලන්න ගත්තෙ දැන් මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව...

Broken Rose 🥀 Where stories live. Discover now