Episode 58: Dead?

373 108 49
                                    






Eunji's pov

මගෙ ඇගම ඇතුලෙන් ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා... මම අමාරුවෙන් ඇස් දෙක ඇරල බැලුවම මම දැක්කෙ එකට අල්ලන් ඉන්න මගෙයි taehyungගෙයි අත්...

" Tae..."

මම අමාරුවෙන් එහෙම කෙදිරි ගෑවෙ taehyungගෙ ඔලුව ස්ට්‍රීලින්ග් වීල් එක උඩ තියාගෙන ඇස් දෙක පියන් හිටපු නිසා...

එයාගෙ නළලෙන් ගොඩක් ලේ වැටෙනවා...

ඇයි එයා ඇස් අරින්නෙ නැත්තෙ?

" Tae..."

මම අමාරුවෙන් එයාට ආයෙ කතා කලා... ඒත් එයා ඇස් ඇරියෙ නෑ...

එකපාරටම මිනිස්සු වගයක් ඇවිත් taehyungව එලියට ගත්තා...

මගෙයි taehyungගෙයි අත් වෙන් වෙලා ගියා...

මට හුස්ම ගන්න ලොකු අමාරුවක් දැනුන නිසා මම මගෙ ඇස්දෙක පියාගත්තා...

Flash back

" ඔයා කොච්චර පාඩම් කලත් ඔයාටත් වෙන්නෙ අම්මා වගේ හිගාකන්න තමයි..."

University එකේ senior කෙල්ලො වගයක් එහෙම කියලා ගියාම මම මගෙ ඇස් වල කදුලු පිහිදාගෙන එයාලා දිහා රවලා බැලුවා...

" දවසක මම පෙන්න්නම් කවුද හිගාකන්නෙ කියලා... "




එදා මම ගෙදර යද්දි නංගි අඩනවා එයාට athletic කරන්න සපත්තු දෙකක් ඕනෙ කියලා... අපේ අම්මා ඒක ඇහෙන්නෙනෑ වගේ එයාගෙ වැඩක් කර කර හිටියා...

මම කෙලින්ම මගෙ කාමරේට ගිහින් දොර වහගෙන ඒ දවස් වල මම යාලුවෙලා හිටපු boyfriendට call එකක් ගත්තා...

" my sweetie..."

" darling... මට පොඩි වැඩකට සල්ලි වගයක් ඕනෙ..."

" wtf eunji?? ඔයාට ලැජ්ජ නැද්ද තව සල්ලි ඉල්ලන්න? මම ඔයාගෙ boyfriend මිසක් නය කාරයෙක් නෙවේ... මේක මාර කරදරක් උනා නෙ...."

එයා එහෙම කියලා call එක cut කලා...

" Fk"

මම එහෙම කියලා phone එක ඇද උඩට විසික් කලා...

මම මෙහෙම දුක් විදින්න ඕනෙ කෙනෙක් නෙවේ...

අපේ අම්මා සල්ලි තිබ්බ ලොකු businessman කෙනෙක් ගෙ දුවෙක්.... ඒත් මනුස්සයෙක් එයාව රවට්ටගෙන කසාද බැදලා අපේ අම්මගෙ දේපල ඔක්කොම එයාගෙ කරගෙන මාවයි නංගිවයි එක්ක අපිව දාලා ගියා...

Broken Rose 🥀 Where stories live. Discover now