පළමු දිගහැරුම

155 25 21
                                    

ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක ගමක හිටියා ගමරාළ👨‍🌾 කෙනෙක්. මේ උන්දැගෙ නම තමා තේයුන්ගපාළ. ගමයා උනාට මොකෝ පොර හෙන හැන්ඩියා. එයැයිගේ මායියගේ👩‍🌾 නම ජිතරාංගනී. ජිතරාංගනියත් ඉතින් ඇහැට කනට පේන තේයුන්ගපාළයටම හරියන මායියා තමා. තේයුන්ගපාළයා ගොවිතැනට හෙන දස්සයා. ඒක නිසා ගමේ හොඳම වගාව තිබුනේ මේන්න මේ තේයුන්ගපාළට. මේ තේයුන්ගපාළට ඉන්නවා සුට්ටන් බුට්ටන් බලු කුක්කෙකුත්🐕. ඒකගේ නම තමා යොන්ටදාස. අනේ ඉතින් ඇරපු අතක් නෑ අයිතිකාරයටම හරියනවා. අයිතිකාරයා ගමේ හැන්ඩියා වෙනකොට මේ යොන්ටදාස තමා ගමේ බලු කික්කියන්ගේ සිහින කුමරා උනේ😋. හැබැයි ඉතින් මේකා නෙමේ බලු කික්කියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ. පොස් වංසිකයි කියලා නෙව හිතන් ඉන්නේ🤭. අඩියක් දෙකක් නෙමේ අඩි හැටක් විතර උඩින් යන්නේ.

අහ්හ්හ්... තව දෙයක් කියන්න අමතක උනානේ. මේ තේයුන්ගපාළට හිටියා සුපිරි ගණයේ එයැයි වගේම හැන්ඩි මිත්තරයෝ ටිකක්. මිත්තරයෝ කිව්වට මොකෑ සහෝදරයෝ වගේ තමා ඈ. මේ අයත් හිටියේ ඉතින් මෙන්න මේ කියන එකෝමත් එක ගමේම තමා. කොටින්ම කිව්වොත් තේයුන්ගපාළගේ අසල්වාසියෝ ටික තමා මෙයැයිලා. ඒ විතරක්ම නෙමේ යාලුවෝ ඔක්කොම කට්ටිය එකතු වෙලා හදාගෙන හිටියේ මූනිස්සම් නොවදින සහනාධාර සංගමය කියලා සමිතියකුත්😁. මේක ඇවිල්ලා වෙනස්ම විදිහේ මෙව්වා එකක්. ගමේ අහලක පහලක මගුලක් මරණයක් උනොත් මේ මූනිස්සම් නොවදින ඈයෝ තමා බර කරට අරන් වැඩ කරන්නේ💪. තව ඉතින් ඔය දනට පිනට ආදී දේවල් වගේම අඩියක් පුඩියක් ගැහුවත් ඉතින් මේ සංගමේ තමා එකට එකතු වෙන්නේ😉. සංගමේ ගැන කිව්වට ඒකේ ඉන්න ඈයෝ ගැන කිව්වේ නෑනේ නෙවෙද???

මුලින්ම මේ මූනිස්සම් නොවදින සහනාධාර සංගමයේ නායකයා තමා නම්ජුදාස👨‍🌾 කියන්නේ. සංගමේ මහ මොළකරු තමා නම්ජුදාස කියන්නේ. ගමේම හේනක් කුඹුරක් කොටන් පාඩුවේ හිටියට මොකෝ මොළ ගෙනාපු නැවක් [🧠+🛳️]. මායියලට හොරෙන් කට්ටියට රා මුට්ටියක් එහෙම බොන්න ඕනි වෙලාවට ගෙදරින් එළියට පනින්න ඕනි කරන මායන් ටික එහෙම අනික් ඈයින්ට කියලා දෙන්නේ මෙයැයි තමා. හැබැයි ඉතින් මොළේ කෙසේවෙතත් නම්ජුදාසයගේ දෑත නන් කැඩුම් බිදුම් දේවතාවගෙන් ආශිර්වාද අරන් තියෙන්නේ ආත්ම ගාණක ඉඳන්😅. අල්ලන අල්ලන එක කඩලා බිඳලා දාන්න තිබුනේ පුදුමාකාර හැකියාවක්. ඒක නිසා නිතරම තමන්ගේ මායියා උන ඉරානාගෙන් හැඳිමිටි🥄 කොසුමිටි පාරවල්🧹 එහෙමත් නොලැබුනාමත් නෙමේ. සමහර දාට ඉතින් වළං ගැට්ට කරේ තියන් අනික් ඈයින්ගේ ගෙවල් වලට දුවන්නේ ගුටි පූජා වලින් බේරෙන්න. වළං ගැට්ට කිව්වේ ඉරානා වළඳෙන් ඔලුවට එකක් දුන්නම ඒක බිඳිලා ගැට්ට කරේ ඉතිරි වෙනෝනේ ආන්න ඒක😗.

දිව්‍යලෝකෙට සවාරියක් ✔Where stories live. Discover now