සිව්වන දිගහැරුම

18 6 0
                                    

අනික් ඈයෝ ටිකත් සටපට ගාලා ඉනිමඟ දිගේ පැලට නැග්ගට මොකෝ වෙලා තියන එක දැක්කම ගල් වෙලා ගියා. පපුකැනැත්ත දිගේ හීනි රිදුමක් යද්දි හැමෝන්ගෙම ඇස් හැරුනේ තේයුන්ගකුක්ස👨‍🌾👨‍🌾 දෙන්නගේ දිහාවට. ඒ දෙන්නගෙත් ඇස් වලට කඳුලු ඇවිල්ලා තිබ්බේ මේ වෙලා තියන විනාසය දරාගන්න බැරුව. බයෙන් බිරන්තට්ටු වෙලා වගේ😳 එක එක්කෙනා මූණට මූණ බලාගත්තේ මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරුව.

හේන් යායේ තැනින් තැන වගාව සම්පූර්ණෙන්ම විනාස වෙලා තිබුනේ මහ අමුතුම විදිහකට. මොකා නමුත් සතෙක් සීපාවෙක්ගෙන් මේ වගේ විනාසයක් වෙලා තිබුනා නන් එක කෙලවරකින් පටන් ගන්න එපායෑ. ඒත් මේක එහෙම නෙමෙයි. තැනින් තැනට රවුම්⚫ රවුම්⚫ වගේ තලලා දාලා වගේ තිබුනේ. කට්ටියත් එක්කම ආපහු සැරයක් විගහින් ඉනිමග දිගේ පහළට බැහැලා ගියේ හේනේ වගාව බලන්න. වගාව මැද්දට ගියහම ඔක්කොමන්ලම ඉස්මුදුනේ අත ගහගත්තේ🤦‍♂ දරාගන බැරුව. තැනින් තැන රවුමට රවුමට⚫ විනාස කරලා දාලා.

නම්ජුදාස- මක්කැයි මේ වෙලා තියෙන්නේ😕?????

ජිනපාළ- ඒක තමා මාත් මේ බැලුවේ... හැබෑටම මක්කදෑ මේ වෙලා තියන විනාසේ... අපේ මාස ගාණක මහන්සිය අපතේ ගියා වගේ වැඩක් නෙව මේ උනේ😢.....

කුක්සපාළ- අනේ අයියණ්ඩි අපිට සමාවෙන්න. අපි නිසා තමා මේ ඔක්කොම. මායි තේයුන්ගපාළයයි නිදාගත්තේ නැත්තන් මෙහෙම වෙන්නේ නෑනේ... අනේ අපි හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා😢.

කුක්සපාළ ඇස් වල කඳුලු පුරවන් කිව්වේ ඇත්තටම තමන් ගැනම පසුතැවෙමින්.

ජිමිනාරංග- අනේ කුක්සපාළ මලයණ්ඩි, නාඩා ඉඳින් දැන්. අපි බලමුකෝ මේ ඉතුරු වෙලා තියන වගාවවත් රැක ගන්ට. දැන් නායෙන් ඇඬුවට පලක් නෑ නෙව.

හොබාරින්ගදාස- ඒක හැබැයි. ඒත් මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බෑනේ... මට මේ රවුම්⚫ රවුම් හැදිලා තියන විදිහ කල්පනා කරන්න ගොහින්ම මගේ මොළේට සළඹ🦋 ගැටේ වැදිලා තියෙන්නේ....

හොබාරින්ගදාස ඒ ඇහුවේ මෙච්චර වෙලාවක් අනික් හැමෝගෙමත් හිතේ තෙරපි තෙරපි තිබුන ප්‍රශ්නයක්...

දිව්‍යලෝකෙට සවාරියක් ✔Onde histórias criam vida. Descubra agora