පස්වන දිගහැරුම

15 5 2
                                    

කලින් දවසේ වගේම මායියන්ට රටේ නැති බොරු ටික කියලා මූනිස්සම් නොවදින ඈයෝ  ඔක්කෝමන්ලටම ගෙවල්🏠 වලින් එළියට පැනගන්න පුලුවන් උනා. හොබාරින්ගයා නම්ජුදාසගේ ගෙදරට ඇවිල්ලම නම්ජුදාසව කතා කරන් එක්කරන් ආපු නිසා කලින් දවසේ වගේ නම්ජුදාසට ඉරානගේ සද්ද බද්ද බලන්න ඕනි උනේ නෑ😂. අනේ ඉතින් අසරණ නම්ජුදාසට මිත්තරයන්ගෙම පිහිටයි😂. දිව්‍යලෝකේ යන්න තිබ්බ ආසාවටමද මන්දා හැමෝම වගේ වෙලාසනම හේනට ආවා. ඒ ඇවිල්ලා ගොම්මන වැටෙන්න ඔන්න මෙන්න වෙනකොට පැල්කොටේ උඩට නැග්ගේ කෝකටත් ආරක්ශාව හොදයි කියලා හිතුන නිසා. හේන මැද්දෑවට වෙලා ඇතා එනකන් බලන් ඉඳලා ඊටපස්සේ ඇතා🐘 ඇඟ උඩට ගොඩ බැස්සොත් එහෙම, ඇතාගේ උදව්ත් නැතුවම නොමිලේම එහා ලෝකෙට යන්න පුලුවන්නේ. ඒ වගේ අවදානමක් ගන්න බැරි හින්දා තමා හැමෝම කතා උනේ ඇතා ආවට පස්සෙම හේනට යමු කියලා. මෙහෙම කොයි විදිහට කතා උනත් එකිනෙකාට නොකිව්වට හැමෝගෙම හිතේ කුකුසක් තිබ්බා මේ කිව්ව විදිහටම එදා ආපු කෙනා අදත් එයිද කියලා😑. මොකද ඉතින් කාවවත් විශ්වාස කරන්න බෑ නෙව.

දැන් ඉතින් මේ අය පැලට වෙලා ආකාසේ දිහාව බලන් ඉන්නවා. අඳුර වැටෙනවා විතරයි මුකුත් වෙනසක් නෑ. පැලට වෙලා ආකාසේ දිහාව බලන් ඉන්නවා. අඳුර වැටෙනවා විතරයි මුකුත් වෙනසක් නෑ. පැලට වෙලා ආකාසේ දිහාව බලන් ඉන්නවා. අඳුර වැටෙනවා විතරයි මුකුත් වෙනසක් නෑ. ඔහොම ඉන්නකොට ඉන්නකොට ඊයේ රෑ වගේම මේ අයට නින්ද එන්න ඇති කියලද හිතුවේ... අප්පෝ නෑ😁.... එකෙක් ඇරෙන්න අනික් ඔක්කොම ඇහැ නිකමටවත් පියෙව්වේ නෑ. සුගතානන්දට නන් දිව්‍යලෝකේ නෙමේ මොන මගුලේ ගියත් කමක් නෑ නින්ද💤 තමා අංක එක1️⃣. මෙහෙම බලන් ඉඳලා ඉඳලා මද්‍යම රාත්‍රිය ආසන්න වෙනකොට කලින් දවසේ වගේම අහසින් පොඩි එළියක් මතු වෙලා ඒක ටික ටික ලොකු වෙලා හේන මැද්දෑවට පහත් උනා. එළිය ආකාහෙන් මතු වෙනවත් එක්කම ඔක්කෝම එක සීරුවට පැලෙන් එළියට බහින්න පටන් ගත්තා. සුගතානන්දත් නිදන් හිටියට මොකෑ තුන්වෙනි ඇහැ ඇරගෙන නෙව ඉන්නේ... කලින් සැරේකත් මුණ ගැහුනා උනත් මේ ඇතා ගැන හැමෝගෙම හිතේ කොනක පොඩි බයක් තිබුනා. ඒ උනාට ඒක නොපෙන්නා ඔක්කෝම ඇතා ඉස්සරහට ගියා. හොබාරින්ගදාස නන් අම්මගේ අතේ එල්ලිලා මොන්ටිසෝරි යන පොඩි එකෙක් වගේ කුක්සපාළගේ අතේ එල්ලිලා ගියේ හැබැයි.

දිව්‍යලෝකෙට සවාරියක් ✔Where stories live. Discover now