හයවන දිගහැරුම

11 5 4
                                    

නම්ජුදාස- මේ... අපි මෙව්වට අඩිය තිබ්බම මේවා කඩන් වැටෙන්නේ එහෙම නෑ නේද🙄????

හැමෝටම ඔය වෙලේ තිබුන පුරශ්ණේ ඔය විදිහට වචන වලින් නම්ජුදාසගේ කටින් එළියට පැන්නා..

💫- දරුවනි, බිය නොවන්න. ඔබට කිසිදු අනතුරක් සිදු නොවේ. බිය නොමැතිව පැමිණෙන්න.

දෙවියෝ මෙහෙම කිව්වට පස්සෙත් එක එක්කෙනා මූණට මූණ බලාගත්තේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බරුව්. දෙයියෝ නන් කියයි. ආය වැන්නොත් එහෙම සතියක් විතර පහළට වැටෙයි. බහිනවද???? නැද්ද???? බහිනවද???? නැද්ද???? අනික් අය කෙසේ වෙතත් සුගතානන්දයා කොහොමත් හදිස්සිකාර කුකුළ්🐔 කේන්ති කාරයෙක්නේ... ( හපූ🙊...... ගැත්තා වැරදී කල අතපසු වීමට සමා වෙන්ට ඕනි. සුට්ටන් අතපසුවීමක් උනා. කුකුළ් කේන්තිකාරයෙන් නෙවෙයි. පූස්🐈 කේන්තිකාරයෙක්) ඉතින් අනික් අයගේ මේ මූණට මූණ බලාගන්න සෙල්ලම එයැයිට ඇති උනා. කොහොමත් අලි නැට්ටේ අග්ගිස්සෙන්ම එල්ලිලා ඉන්නේ සුගතානන්දයා නෙව. වැටුනොත් වැටිද්දෑවේ කියලා සුගතානන්ද ආවා වළාකුලු උඩට. අනික් ඈයින්ට එයැයිව නතරකරගන්නවත් වෙලාවක් අහු උනේ නෑ. පොර හුචස් ගාලා නැට්ටෙන් බැහැලා ගියා.

සුගතානන්ද- ඒ... මලයා..... මේන් බලාල්ලකෝ... මන් බිම පතබරියන් උනේ නෑ නෙව. කිරිඅත්තට බල්ලෝ🐕 බුරන්ට. මේ වලාකුළු වලින් වැටෙන්නේ නෑ. පොළෙවේ අඩිය තිබ්බා වගේ. ඔහේලත් එනවලකෝ... ඔය නැට්ටේ එල්ලිලා මූණට මූණ බලන්නේ නැතුන්..

ජිනපාළ- අම්මපා කියාන් මලයා.....

සුගතානන්ද- ආය මංගල්‍යක් කතා කරනවා අයියණ්ඩි😅. අම්මපා....මයේ තරුවතී නගා පල්ලා. වරෙල්ලකෝ.... ඔය නැට්ටේ එල්ලිලා ඉන්නේ නැතුව.

තේයුන්ගපාළ- මේ යමු යමු අපිත්. සුගතානන්ද අයියණ්ඩි මුසා පවසන්නේ නැහැ නෙව. එයැයිත් ඔය අපූරුවට ඉන්නේ??? නම්ජුදාස අයියණ්ඩිට බැහැලා යමුකෝ....

නම්ජුදාස- අනේ මට බයයි.

💫- බය ගන්ට කාරි නෑ දරුවා....

ජිමිනාරංග- අඩේ.... බැහැපල්ලකො අයියණ්ඩි.

හොබාරින්ගදාස- මට තවත් නන් මේ නැට්ටා අල්ලන් ඉන්න බෑ. තා ඩිංගෙන් අතෑරෙයි😩.

දිව්‍යලෝකෙට සවාරියක් ✔Where stories live. Discover now