තෙවන දිගහැරුම

21 9 2
                                    

ඌරෝ🐖 ඉත්තෑවෝ මීමින්නොන්ගෙන් වගාව බේරගන්න එක තමා මූනිස්සම් නොවදින සහනාධාර සංගමේට ඊළඟට මුහුන දෙන්න උන අභියෝගය. කුම්බලා කරවල කෑවා නන් විඳවපන් බළලෝ🐈 කියන්නහේ මහ කැලේ මැද්දේ වගා කොළා නන් රැකගනින් මිනිහෝ වගේ කට්ටිය සෑහෙන්න මහන්සියක් ගන්න උනා වගාව ආරක්ශා කරගන්න😅. වගා කරන්න ගිය මහන්සිය වගේ දෙතුන්ගුණයක් මහන්සි වෙන්න උනා වගාව ආරක්ශා කොරගන්ට. මහ රාත්තිරියටත්🌌 සත්තු හේනට පනින නිසා රෑටත් මුර කොරන්න යන්න උනා. හේනේ අර නම්ජුදාස රූටලා වැටුන මහා වෘක්ශ රාජයගේ🌳 උඩින්ම තිබුන අත්තක පැලක් අටවලා පැල් රකින්න තමා කතිකා කොරගත්තේ. මහ ලොකුවට පැල ඇටෙව්වට මොකෝ ජිනපාළයි, හොබාරින්ගයි උස තැන් වලට අම්බානෙකට බයයි🤭. පැලට නගින්නේ කකුල් දෙකට පින් දිදී ඇස් දෙකත් වහන්. පොඩි එකා උනාට කුක්සපාළයට තමා ඉතින් වැඩ්ඩා වගේ ඔක්කොම කරන්නේ. පැලට නැග්ගට පස්සෙත් ඉතින් ජිනපාළයි හොබාරින්ගයි දෑස වසන් තමා ඉන්නේ පහළ බලන්න බයයි කියලා.

සුගතානන්ද- ඈ ජිනපාළ අයියණ්ඩි ඔහොම පැලට වෙලා ඇස් වහන් හිටියම හේනට එන සත්තු පේනවද??? ඔයිට වඩා හොඳයි ඉතින් මෙතන මේ දුක් විඳින්නේ නැතුව ගෙදර ගොහින් ඉහේ ඉඳන් පෙරවගෙන බුදිය ගන්නවා😴.

ජිනපාළ- දෑස වසා සිටියාත් ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ, සවන වසා සිටියාත් ඔබේ හඬ ඇයිදෝ මට පෙනුනේ.....

ඒ කන්කලු නාදයට ඇඟේ මයිල් කෙලින් වෙද්දි අනික් ඈයෝ ජිනපාළ දිහා බැලුවේ මේ මොන උන්මත්තකයෙක්ද කියලා අහන්න වගේ🙄.

ජිනපාළ- ඇයි බොලාලා ඕක අහලා නැතෙයි☹️??

තේයුන්ගපාළ- ඕක සින්දු බජව්වක කෑල්ලක් වෙන්ටැති මයේ හිතේ???

කුක්සපාළ- සින්දු බජව් නෙමේ අප්පා... සින්දුවක් ඕක.

තේයුන්ගපාළ- අහ්හ්හ්..... එහෙමද මට ලාවට වගේ මතකයි මතකයි වගේ ඔය අතරින් පතර වචන ටිකක්.

ජිනපාළ- ඇයි අර මලණ්ඩිට මතක නැද්ද අපේ මල්සිනාගේ👩‍🌾 අයියණ්ඩිගේ අඹුවගේ පුන්චි ආච්චිගේ👵 නැන්දම්මගේ මුණුබුරෙක්ගේ අප්පගේ පැත්තෙන් ලොකු බාප්පා කෙනෙක්ගේ කොලු පැන්චෙක්👨 මෙහේ ආවේ.

දිව්‍යලෝකෙට සවාරියක් ✔Where stories live. Discover now