දෙවන දිගහැරුම

34 9 2
                                    

වෙනදටත් වඩා වේලාසනම🌤️ අවදි උන මූනිස්සන් නොවදින ඈයෝ ටික මූණ කට හෝදන් පාතරාසයත්🍜 සප්පායන් වෙලා සුපුරුදු මුණගැහෙන තැනට එකතු උනේ කලින් කතා කරගත්ත විදිහට. ඔක්කොම එකට එකතු උනාට පස්සේ කැලෑව ඉහත්තාවට පිටත් උනේ හේනක් කොටන්න හොඳ බිම්කඩක් හොයාගන්න බලාපොරොත්තුවෙන්. කට්ටිය කාණ්ඩ වලට බෙදිලා එක එක පැති වලට ගියේ එහෙම කලහම වැඩේ ඉක්මන් වෙන හින්දා. පුරුදුපරිදි බුද්ධිමත් නම්ජුදාසයට😎 තමා ඉතින් හොඳම පොට් එකක් සැට් උනේ. වටපිට ඇවිදලා බලලා හූ පාරක් දාලා කට්ටියට අඬගහන්න ඕනි කියලා හිතපු නම්ජුදාස ළඟ තිබ්බ ගහකට🌳 නගින්න පටන් ගත්තා. මොකෑ ඉතින් ඔය එකෝමත් එක කාලේ පෝන් කටු📱 එහෙම තිබුනා කියලයෑ. හද්ද ඩොටේ කාලයක් ඈ.... හූවෙන් තමා ඔය මොක කලෙත්. අත්ත බිඳෙයි පය බුරුලෙන් කියලා හිතාගෙන ඉශ්ට දෙවි දේවතාවුන්වත් මතක් කරන්🙏 නම්ජුදාසයා ගහට නගින්න පටන් ගත්තා. රූස්ස ගහෙන් අඩක් විතර නැග්ගට පස්සේ එකපාරටම එක්කෝ නම්ජුදාසගේ දෑතට කැඩුම්බිඳුම් දේවතාවගේ සියලූම බලපරාක්‍රමයන්  ලැබුනා. එහෙම නැත්තන් ගහේ අත්තට ඒ සද්දන්ත ශරීරේ බර දරාගන්න බැරි උනා. ඔය මොකක් හරි උනයි කියමුකෝ. අත කඩන් බිම🤕. හූ කියන්න ගහට නැග්ග පාර පශ්චාත් ප්‍රදේසේ වැදුන පාරට නම්ජුදාසයට නිකන්ම හූ කියලා කියඋනේ හිතේ තිබුනේ ඒ අදහස හින්දා.

ඒ සද්දේ බිම්කඩක් හොය හොය ඇවිද ඇවිද හිටපු ඔක්කෝටම ඇහුනා. හූවත් එක්කම "බුදු අම්මෝ" කියන එක ඇහුනම🤔🙄 අනික් ඈයොන්ටත් උන්හිටි තැන අමතක වෙලා හඬ ඇහුන දිහාවට දුවන්න පටන් ගත්තා. මගදි එක එක්කෙනාව මූණට මුලිච්චි උනත් කතා කරන්නවත් වෙලාවක් නාස්ති නොකර ඔක්කොම ඈයො ටික දුවන්න පටන් ගත්තා🏃‍♂️🏃. නම්ජුදාස කෑ ගහනවා🗣️. මූනිස්සන් නොවදින ඈයෝ දුවනවා🏃🏃‍♂️. නම්ජුදාස කෑ ගහනවා🗣️. මූනිස්සන් නොවදින ඈයෝ දුවනවා🏃🏃‍♂️. නම්ජුදාස කෑ ගහනවා🗣️. මූනිස්සන් නොවදින ඈයෝ දුවනවා🏃🏃‍♂️. නම්ජුදාස කෑ ගහනවා🗣️. මූනිස්සන් නොවදින ඈයෝ දුවනවා🏃🏃‍♂️. දුවලා දුවලා ගිහින් බලනකොට මෙන්න මේකා ඉන්නවා රූස්ස ගහක්🌳 පාමුල බිම පතබෑවිලා. කොන්දත් අල්ලන් කෑ ගහනවා🤕🗣️. ඔක්කොම ටික නම්ජුදාසයා ගාවට දුවන් ගියේ යහතින් ඉන්නවද කියලා බලන්න.

දිව්‍යලෝකෙට සවාරියක් ✔Where stories live. Discover now