හත්වන දිගහැරුම

13 4 0
                                    

නම්ජුදාස- මේ අපි දැන් කොහොමෙයි මේක මායියලට කියන්නේ🙄???? එයැයිලා විශ්වාස කරයිද????

ජිනපාළ- හප්පටසිරි මලයා කිව්වමයි ඒක මතක් උනේ..... ඇත්තටම අපි මොකෑ දැන් කොරන්නේ☹️???

හොබාරින්ගදාස- කියන්න නන් ඇහැකියි. විශ්වාස කරයිද කියන තමා පුරශ්නේ....

නම්ජුදාස- අන්තිමට අපිට මායියලව දිව්‍යලෝකේ එක්කන් යන්න ගිහින් බොරු කියනවා කියලා කොස්සෙන් තමා කන්න වෙන්නේ...

තේයුන්ගපාළ- අපි අර ජිමිනාරංගයා එහෙන් උස්සන් ආපු මල්🌸 ටික පෙන්නමුද??? ඒවා දැන් පරවෙලා තිබුනත් මෙහේ තියන මල් වලට වඩා වෙනස්......

තේයුන්ගපාළට කියන්න ආපු එක කියාගන්න බැරි උනේ එකපාරටම ජිමිනාරංග කෑ ගහන්න පටන්ගත්ත හින්දා.

ජිමිනාරංග- අප්පච්චියේ😲..... මයේ මල් ටික,

ජිනපාළ- මොකදෑ බන් උනේ??? ඇයි මල් කෝ??? අහවල් එකක්ද මල් ටිකට උනේ???

ජිමිනාරංග- සරමේ නෑනේ☹️...

සුගතානන්ද- මොකා????

ජිමිනාරංග- මල් ටික සරමේ නෑ...

නම්ජුදාස- සරමේ මල් නෙමේ මොනවත් තියෙයියෑ. ඔය සරම දිගෑරන් නෙව ඉන්නේ........

ජිනපාළ- කොයි වෙලේද සරම ලිහුවේ?????

සරම ලීවා කීවේ ඉතින් මේ ඒක ගැලෙව්වා කියන එක නෙමේ හරිද??? ඔයාලා වැරදි ඒවා හිතන හින්දා මට හැමවෙලේම ඒවා හරිගස්සන්න වෙනවා🤭😉. ඔහොම නරක එව්වා හිතන්න නාකයි. අනික මන් කීවනේ සරමට යටින් සෝට ගහලා ඉන්නේ කියලා. සෝ...... සරම ලිහුවා කීවේ සරම කැහැපොට ගහන් හිටපු එක ලිහුවා කියන එක ඈ😂🙊.........

ජිමිනාරංග- මතක නෑනේ....

තේයුන්ගපාළ- මොළේ උඩද ගොනෝ වාඩි වෙලා ඉන්නේ???

කුක්සපාළ- අයියණ්ඩි වගේම මොළෙත් කොට ඇති මයේ හිතේ. එතකොට හිතෙන ඒවත් කොටට වෙන්ට ඇති හිතෙන්නේ.....

ජිමිනාරංග- අනේ මේ කුක්සපාළයෝ😤..... බොගේ හිතේ මොලේ කොට උනාට මගේ ඇඟේ මොළේ උසයි. හරිය☝️......

සුගතානන්ද- දැන් පොඩි ඇච්චෝ බැච්චෝ වගේ රණ්ඩු නොකර මල් ටික හොයාන්....

දිව්‍යලෝකෙට සවාරියක් ✔Where stories live. Discover now