ආසි 1♠️

2.2K 197 198
                                    

මම දොර ඇරියා....එතනින් එහා වෙනම ලෝකයක්..... හැබැයි අපි වගේම මිනිස්සු...

"උබ අලුත්ද...."

"ඔව් අය්යෙ...."

"ඇයි ආවෙ...."

"මට හිතුණා...."

"පවුලෙ විස්තර.."

"දෙන්නම දොස්තරවරු...."

"ජීවිතේ විදින්න හිතුණද....උබේ වරදක් නෑ තොපි හදපු මහ එවුන්ගෙයි වරද...ඔළුවයි කදයි බඩයි හැදුවට සමාජෙ ගැන බම්බුවක් උගන්නලා නෑ.....සිනීබෝල ජීවිත...."

"අයියෙ මාත් වාඩිවෙන්නද...."

"මතක තියාගනින්....හාරත හේරා උබේ වුණාට තුරුම්පු ආසියා මගේ.....තේරුණාද"

"තේරුණා අයියෙ....."

"බූරුවා ගනින්....."

"ඒ කිව්වෙ...."

"බූරුවා දන්නැද්ද...."

"J අකුරද අයියෙ...."

"මඩේ පිපෙන හැම නෙළුමම සුවද ගහන්නෑ වගේ උබලා විහින් අසූචි ගාගනිද්දි අනුන්ගෙ හු*ත්තවල් පිහදාන්න තරං අපි සුද්දවන්ත නෑ....

J බූරුවා....ජෝකර්...

Q පොරව

K හේරා

A එතකොට මේ ආසියා....සමහර උන් හිනාවෙන දාට සමහර උන් කාලකණ්ණි කරවන තුරුම්පු ආසියා...... ඉතුරු ඔක්කොම බූරු කොල....ඒවා පජාත වෙන්නෙ සූදූ කෙලින අපතයො අතට ගියාම..."

"හරි අයියෙ....."

"දැන් පලයන්....හෙට රෑට වරෙන්....."

"අද සෙල්ලං කරන්න නැද්ද මට...."

"බූරුවා අදුරන්නැති උබ සෙල්ලං කරන්නත් අහනවද....පලයන් මල්ලි පව් නොදී.....

යන්න කලින් උබේ නම..."

"ශේර් අස්විද්... අයියගෙ නම"

"ආසියා.....

කින්ඩි බැලුම් එපා....උපන් නමක් නැති එකම මිනිහා මම නෙවේනෙ.....හෙට එනකොට අත් දිගට ඇදගෙනම වරෙන්....."

"ඒ ඇයි අය්යෙ...."

"ඇයි බන් උබ මේකට ආවෙ ඒකවත් දන්නැතුවද...."

"නෑ අය්යෙ මේ....."

"පලයන් පලයන් දැන්...."

මම එතනින් එලියට ආවා..... එච්චරයි....

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now