ආසි 18 ♠️

586 84 17
                                    

"අය්යෙ... මොකද්ද වුණේ. මට කියන්නකො අනේ"

මම වාඩිවෙන්නවත් සිහියක් නැතුව එහෙමම ඉදගෙන අහද්දි පිකාසෝ අය්යාත් එයා ඉදගෙන ඉදපු තැනින් නැගිටලා ඇවිත් මම ගාවින් හිටගත්තා.

"මට සමාවෙයන් මල්ලි....මට සමාවෙයන්...."

පිකාසෝගෙ කටහඩේ තිබුණෙ වෙවුලන ගතියක්. ඒක මගේ හිතේ තිබිච්ච බර තවත් වැඩි කරා කිව්වොත් හරි.

"අනේ අය්යෙ මාව බයකරන්නැතුව තමුසෙ කියනවකො මොකද්ද වුණේ කියලා..."

"මට සමාවෙයන් මල්ලි ...මට ආසිව බේරාගන්න බැරිවුණා.
.....
මං නිසයි ඌට මෙහෙම දෙයක් වුණේ.  දෙයියනේ මං කොහොමද මගේ කොල්ලට මෙහෙම දෙයක් කරේ....."

එහෙම කියලා පිකාසෝ අය්යා බිත්තියට හයියෙන් ගහගෙන ගියේ පිස්සෙක් වගේ.

"ආසි......

අය්යෙ කියනවා මට එයාට මොකද්ද වුණේ. තමුසෙලා මොනවද මගේ කොල්ලට කරේ."

මම පිකාසෝ අය්යගෙ කොලර් එකෙන් ඇදලා අරගෙන අහද්දි එයා මගේ උරහිසට අස්සෙ මූණ තියාගෙන අඩන්න ගත්තෙ පොඩි එකෙක් වගේ.

"මල්ලි..... මල්ලි අපේ කොල්ලො සෙට් එකක් වැඩ වගේකට තංගල්ලෙ ගියා. ඩීල් එහෙකට බඩු ටික බාරදෙන්න. ආසිත් ඒත් එක්කම ගියේ මං කියපු නිසයි. නැත්තං ඌ කැමති වුණ් නෑ උබ හම්බුණාට පස්සෙම ඔහොම දෙයක් කරන්න...."

"දෙයියනේ අය්යෙ තමුසෙ මට වෙච්ච සිද්දිය විතරක් කියනවා....."

මම පිකාසෝගෙ ෂර්ට් කොලර් එක තවත් තද කරලා අල්ල ගනිද්දි පිකාසෝ මගේ අත්දෙක ගසලා දාලා පිටිපස්සට වුණා .

"කෙල්ලෙක්ව කිඩ්නැප් කරලා අරන් යද්දි බඩුත් එක්කම ආසිලාව පොලිසියට අහුවුණා.....

ඕක තමයි බන් වුණේ ඕක තමයි..කවුරු හරි පාහර බල්ලෙක් ඔත්තුවක් දීලා මිසක් නැත්තං ඔය පොලිස් බල්ලො කොහොම දැනගන්නද මේක ගැන...."

"ආසි..... කෙල්ලෙක්ව...එයා කොහොමද එහෙම දෙයක් කලේ....."

මට පිකාසෝගෙ වචන ඔළුව ඇතුලෙ දෝංකාර දෙනවා වගේ ඇහුණා.

"....එයා මොන වරද කරත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි මොකද  මොන වගේ කෙනෙක්ද කියලා දැන දැනමය මම එයාට ආදරේ කලේ. ....ඒත් මං හිතුවෙ නෑ දෙයියනේ මගේ ආසි .... මෙච්චර ජරා වැඩඛ් කරයි කියලා....

එයා කොහොමද එහෙම කලේ....."

"මල්ලි මේ අහපන් .....අහපන් ඌ ඒක කලේ මං කියපු නිසා....උගේ වැරැද්දක් නෑ බන්....."

පිකාසෝ මගේ අතින් අල්ලද්දි මම ඒ අත ගසලා දැම්මා.

"එපා තමුසෙලා එකෙක්වත් මාව අල්ලන්න.....අල්ලන්නෙපා මාව.....

ආසි දැන් කොහේද ඉන්නෙ.....කියනවා කොහේද ඉන්නෙ ...."

"පොලීසියේ....තංගල්ලෙ පොලීසියෙන් මෙහෙට ට්‍රාන්සර් කරලා එවලා ඇති දැන්......හෙට අනිද්දා දිහාවට රිමාන්ඩ් කරයි සමහර විට. පොලිසියෙන් මාවත් හොයන නිසා මට ඒ පැත්තටවත් යන්න විදියක් නෑ ඌව බලන්න ....."

"මම යන්න ඕන.....මම යන්න ඕන මේක විසදගන්න ....

..
........"

එහෙම කියලා මම දොර දිහාවට අඩි දෙකක් විතර තියද්දි පිකාසෝ අතින් අල්ලලා මාව නැවැත්තුවා....

"එපා බන්...මේ වෙලාවේ කළුවරේ නොදන්න පලාතක උබට යන්න බෑ.. නැවතියන් දැන් ගියා කියලා උබට ආසිව බලන්න දෙන්නෑ මේ මහ රෑට උදේට මොනා හරි කරන්න බලමු...."

"අතෑරපන් මාව...මම යනවා...උබලා එකෙක්වත් මට ඕන නෑ......"

පිකාසෝගෙ අත ගසලා දාලා අසිහියෙන් වගේ ඒ ගෙදරින් එලියට බැහැලා කළුවරේම ඇවිදගෙන යද්දි මට ඇහුණා පිකාසෝ මොන මොනවාදෝ කියලා මට කතාකරනවයි.... හැබැයි එතනින් එහාට වෙච්ච කිසිම දෙයක් මට ඇහුණෙවත් මතකවත් තිබුණෙ නෑ.

..............













.............

After 4 Years//

ශ්‍රී ලංකා තරුණ සේවා සභාව මගින් ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ වෘත්තීය සුදුසුකම් ඇගයීම උදෙසා සංවිධානය කරන ලද රාජ්‍ය වර්ණදීප්ති උලෙළේ හොදම නවෝත්පාදක ව්‍යවසායකයාට හිමි සම්මානය දිනාගනු ලබන්නේ .....

...........

Golden Life සමාගමේ නව සභාපති Mr. තරින්ද වීරසේකර මහතා......

ඔබතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්....










ෆැන්ටසි සීන් එකේ එන්ඩින් එකක් දීලා මේක ඉවර කරනවා ....තව එක එපියයි....සෑඩ්ද හැපිද කියලා කියවලම බලාගන්න යාළුවේ...

_Zrash_

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now