ආසි 14 ♠️

471 92 38
                                    

තමන් ආදරේ කරන කෙනෙක් වෙන කෙනෙක් එක්ක ඉද්දි පවා ඉරිසියාවක් දැනෙන මගේ හිතට ආදරේ කරන කෙනා තවත් ගෑනියෙක් එක්ක නිදි වදිනවා බලන්න තරං හයියක් නෑ...ඇගේ දුවන ලේ නහර එකින් එක වෙන වෙනම කපද්දි දැනෙන වේදනාවට වඩා සිය දහස් ගුණේක වේදනාවක් එක්ක මට දැනුනෙ මගේ හදවත නතර වෙනවා වගේ. ඇත්තටම හදවත නතර වෙනවා නන් කොයිතරං හොදද.. වේදනාවක් නොවිදම මට මැරිලා යන්න තිබුණා...ඒත් ඒක එහෙම වුණේ නෑ....

"ආස්යා ආසිගෙන් ඈත් වෙනවා.. තමුසෙට ඕන දෙයක් මාත් එක්ක බේරගන්නවා...ආසිව අතාරිනවා...
....

ආස්යා මාව මරලා දානවා ආසිව අතාරිනවා  ආස්යා...."

මම උගුර ලේ රහ වෙනකං කෑගැහුවා...ඒත් අඩුම තරමට ආස්යා මම දිහා හැරිලවත් බලන්න උනන්දු වුණේ නෑ..

ආසිගෙ නිරුවත් ශරීරෙ ආස්යාගෙන් ඉදුල් නොවුණ තැනක් නෑහ්...ආස්යාගෙ ඇගිලි තොල් ආසිව මත් කලා...ඒ ඇස් වලින් මත් බව බේරෙද්දි ආස්යාගෙ ඇස් ආදරයක් වෛරයක් රාගයක් ආසාවක් අවසානේදි මුකුත්ම නැති හිස් බවකට හැරුණා.....ආසි මත් බවේ කෙළවරටම යද්දි එයා පිස්සුවෙන් වගේ ආස්යාව එයාගෙ තුරුලට ඇදලා ගද්දි ආස්යා කලේ නොහිතපු දෙයක්....එයා ආසිව තල්ලු කලා එයාගෙන් ඈතටම තල්ලු කරලා දැම්මා...

ආස්යාට මොන තරං හයියක් තිබ්බද කියලා තේරුණේ එයාගෙ පාරෙන් ආසි කාමරේ එහා කොණටම විසි වෙලා යද්දි...ආසිගෙ මත් ඇස් ආයෙමත් පියවි සිහියට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ ඒ එක්කම වගේ එයා සිහි නැතිවුණා......

"ආසි...."

මම ඉන්න තැනම ඉදන් කෑගැහුවා. මට ආසි ගාවට යන්න ඕනෙ වුණත් මට යාගන්න බැරි වුණා...තාමත් අර අදෘශ්‍යමාන බලවේගයකින් මාව එකම තැනකට හිර කරලා වගේ දැණුනා...හොලවන්න ඕන වුණත් මට මගේ කකුල් දෙකෙන් එක අඩියක් වත් ඉස්සරහට තියන්න බැරි වුණා....

ආස්යා ඇදේ වාඩිවෙලා ඉදියා..එයාගෙ නග්න සිරුර හද එලිය එක තවත් ලස්සනට පෙනුණා....එයාගෙ ඇගේ හැම කෝණයක්ම හැම රේඛාවක්ම පිරිමියෙක් නෙවෙයි ගෑනියෙක් වුණත් පිස්සු වට්ටන රටාවකට පිහිටලා තිබුණා. ඒත් ඒ රූපෙ මගේ හිතේ කිසිම හැගීමක්වත් පිබිදීමක් වත් ඇති කලේ නෑ....

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now