ආසි 19 ♠️ (final)

565 70 8
                                    

"Doctor එයාගෙ තත්ත්වෙ පොඩිහරි වෙනසක් තියනවද....එයාට පොඩි හරි සනීපයක් තියනවද.

Doctor please අඩුම තරමෙ මට කියන්න මට එයා ගැන පොඩිම හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද. මගේ කොල්ලා කවදාමහරි කලින් හිටපු විදියට දකින්න මට පුළුවන් වෙයිද Doctor...."

"මෙහෙමයි තරින්ද ඔයා කලින් පාරවලුත් මගෙන් ඔය ගැන අහලා තියෙනවනෙ. මට ඔයාට දෙන්න තියෙන්නෙත් පරණ උත්තරේම තමයි.

එයා ඉන්නෙ ලොකු Mental Disorder එකක. ඒකට හේතුව එයාට සිද්දවෙච්ච accident එකමත් නෙවෙයි. . ඒ accident එක වෙද්දි එයා ඉදලා තියෙන්නෙ ලොකු කම්පනේක. ලොකු මානසික පීඩනේක. ඒකයි එයාට දැන් තමන්ගෙ අතීතය ගැන , තමන් ගැන කිසිම දෙයක් මතක නැත්තෙ. ඒ විතරක් නෙවෙයි අඩුම තරමෙ එයාට එයාවවත් කන්ට්‍රෝල් කරගන්න අමාරුයි.

accident එකෙන් පස්සෙ කලින් හිටපු හොස්පිට්ල් එකෙන් එයාව physical therapy වලට නිතරම වගේ එක්කගෙන ගිහින් ඒත් ඒකෙන් එයාගෙ mental healthy එකට කිසිම බලපෑමක් වෙලා නෑ. ඊට පස්සෙ අවුරුදු තුනකට කලින් තමයි එයාව අංගොඩ ජාතික රෝහල නැත්තං අපිට හම්බවුණේ. එතකොට එයා ඉදපු තත්ත්වෙයි දැන් ඔය ඉන්න තත්ත්වෙයි තියෙන්නෙ සුළු වෙනසක් විතරයි. පහුගිය අවුරුදු ගාණෙන්ම එයාගෙ පොඩිහරි ප්‍රගතියක් තියනවා කියලා අපිට හිතන්න පුළුවන් එක කාරණේකින් විතරයි. ඒ තමයි කලින් එයා මෙහෙට එවද්දි එයාට කායිකව කිසිම ප්‍රශ්නයක් නොතිබුණත් එයා තමන්ගෙ වැඩ ටිකවත් කරගන්න උත්සාහයක් ගත්තෙ නෑ. මෙහෙට ඇවිත් අවුරුද්දක් විතර ගතවෙද්දි ලැබිච්ච ප්‍රතිකාර එක්ක තමයි එයා තමන්ගෙ වැඩ ටික හරි කරගන්න හුරුවුණේ.

"Doctor ඔයා ඔයටික මට කලිනුත් කියලා තියනවා..මට කියන්න මට එයාව කවදාවත් සනීප කරගන්න බැරි ද...."

"නෑ මම එහෙම කියන්නෙත් නෑ....එයා දවසක යථා තත්ත්වයට පත්වෙන්නත් ඉඩතියනවා. ඒක අදද හෙටද සතියක්ද මාසයක්ද අවුරුද්දක් ද අවුරුදු දහයක්ද ඒකට කොච්චර කාලයක් ගතවෙයිද කියලා මට හරියටම කියන්න බෑ.හැබැයි මට ඒ ගැන සීයට සීයක් විශ්වාසෙන් කියන්නත් බෑ....අපි බලමු තරින්ද.. අපි විශ්වාසෙන් ඉමු.....

ඔයා අදත් එයාව බලන්න යනවා නන් දැන්ම යන්න. තව ටිකකින් හොස්පිට්ල් එකේ ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙනවා..."

You've reached the end of published parts.

⏰ Last updated: Jan 26, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now