ආසි 6 ♠️

718 131 101
                                    

නිදාගන්න ඇස් පියා ගත්තට හීන ඇතුලෙන් සැනසීමක් හොයාගන්න මට බැරි වුණා...ඒ නිසාම මම ලෑස්ති වෙලා හයට විතර තියලා ගෙදරින් ආවා.....

මම ඇතුලට ඇවිත් ආසියාව හොයලා එයා ඉන්න කාමරේ දොර ඇරියා.....මගේ ඇස් හෙව්වෙ ආසියාව විතරයි....ඒත් මට හම්බවුණේ එයාව විතරක් නෙවෙයි. ......

ඒ ඇස් ඇතුලෙ ආදරයක් නෑ රාගයක් විතරමයි. පිස්සුවෙන් වගේ ඒ තොල් අස්සෙ එයා මොනවද එච්චර හෙව්වෙ... පිස්සෙක්....

ඒ ඇස් මාව අදුර ගත්තා....ඒ සිපගැනීම ඇතුලෙ ආදරය නොතිබුණත් ආසාව ඕනවටත් වඩා තිබුණ නිසා ඒක රස වෙන්න ඇති....ඒත් මගේ ඇස් ඒ ඇස් එක්ක ගැටෙද්දිම ඒ සිපගැනීමේ අවසානය ලියවුණා....

"අය්යා තව එක පාරක්....."

එයාගෙ ඇග උඩ ඉන්න කොල්ලා අහද්දි,

"පලයන් මෙතනින්...."

ඒ කොල්ලා ගැලවිච්ච ඇදුණුත් ඇදගෙන එතනින් ගියේ හරියට මම එයාගෙ මොහොතක් උදුරගත්තා වගේ මම දිහා බලලා.....

ඒ ඇස් ඇතුලෙ මම දැක්කෙ වරදකාරී බවක්....සමාව ඉල්ලනවා වචනෙන් නෙවෙයි ඇස් වලින්... මගේ ආසියාට ඒක ගැලපෙන්නෑ....මම එතනින් ආවා...තවත් ඒ ඇස් දිහා බලන් ඉදියොත් මම එයාට සමාව දෙයි කියලා මාත් බයවුණා.....සමාව දෙන්න එයා මට වරදක් කරලා තියද ....

මම ආවා....ආපු ආවේගෙටම උඩට දිව්වා....බේබද්දො සල්ලාලයො සූදූ කාරයොන්ගෙන් ඈත තනිකඩ ජීවිතේ සිගරට් එකකින් වෙනස් කරන්න උත්සාහ කරන පෙම්වතුන්ගේ හද එලිය යටට.....සූදූ තිප්පොලක පවා ආදරේ වෙනුවෙන් තැනක් තිබුණ එකට මම සතුටු වුණා...නෑ සැනසුණා.....

වහල උඩින් වාඩිවෙලා බලද්දි මුළු ගාලු ටවුන් එකම දිස්නෙ ගහනවා වගේ...රෑට තවත් ලස්සනයි..... ආකර්ෂණයක්.....ඒක අමුතුයි....මමත් ඒ ලස්සන නගරෙ ඇතුලෙ ආදරේ හොයන කලාමැදිරියෙක්....හුලග හැගීම් අවුස්සනවා....යටි හිතේ මටම හිර වෙච්ච හැගීම් පවා අවුස්සනවා....

ආසියා ඇවිත් මට එහා පැත්තෙන් ඉදගත්තා....ඒ ඇස් මාව හොයනවා...ඒත් මම මගෑරියා.....එක පාරක් දෙපාරක් නෙවේ සිය දහස් වතාවක්....ආසියා මගේ අතින් ඇල්ලුවා...හිරිකිත සතෙක් දිහා බලනවා වගේ ඒ ඇස් මගෑරලා මම එයා දිහා බලලා අත ඇදලා ගත්තා....ආසියාට රිදුණා..මට ඊට වඩා රිදුණා.... එයා අමාරුවෙන් හිනා වුණා.....ඒත් මට කදුළු හංගගන්න බැරි වුණා....මට රිදෙන්නෙ ආදරේ නිසා ආසියාට රිදෙන්නෙ අනුකම්පාව නිසා කියන හැගීම මාව පිස්සෙක් කලා......

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now