ආසි 5 ♠️

737 128 138
                                    

මාව එතනම ගල් වුණේ කරන දේ හදිස්සියට හිතාගන්නත් බැරුව.... අඩුම ඉදගෙන ඉන්න තැනින් නැගිට ගන්නත් මට මතක් වුණේ ටික වෙලාවක් ගියාම.....

"එයා කොහෙද මෙහෙ..".

"ඇයි එයාට එන්න හොද නැත්තෙ ගෝල් ෆේස් උබේ ගෑනිගෙ බූදලේ නිසාද...."

"එයා ඇයි මෙහෙ....ඒකත් මේ වගේ වෙලාවක...."

මගේ හිත දෙපැත්තකට බෙදිලා වාද කරද්දි මාව තවත් අසරණ වුණා..... හැබැයි මගේ හිතට තිබුණ එකම හයිය තමා එයා මාව තාම නොදැක්ක එක.....

ආසියා එහෙමම එතන තිබ්බ පඩිපෙලකින් වාඩි වෙලා මුහුද දිහා බලන් ඉදියෙ හරියට මුහුද ඇතුලෙන් චූටි සුරංගනවියක් එයා  එනකන් බලන් ඉන්නවා වගේ.....නපුරු , දඩබ්බර ආසියා වෙනුවට මෙතන ඉදියෙ වෙනමම චරිතයක්... ලිහාගෙන ඉදපු කොණ්ඩෙ හයි පෝනි දාලා එකතු කරලා වැවිලා තිබුණ රැවුල ගාණට හදලා නට් ඇන්ඩ් බෝල්ට් කඩයක් වගේ එල්ලන් ඉදපු කෑලි ඔක්කෝම ගලවලා මෙතන ඉදියෙ වෙනමම කෙනෙක්..... පෙනුමෙන් මිනිස්සු මයින ඕනම කෙනෙක් වැදගත් පවුලක හුරුබුහුටි කොල්ලෙක් කියලා ආසියාව ලේබල් කරනවා දෙපාරක් හිතන්නැතුව....ඒ තරං එයා වෙනස් වෙලා..... හැබැයි තාවකාලිකව...
ලස්සනයි හුරතල් ඒත් ඒ වෙනසට වඩා මගේ හිත ඉල්ලුවෙ රෑට රෑට මිනිස්සු  හොරාට රිංගන සූදූ කෙලින ගූබ්බෑයමේ දඩබ්බර ආසියාව.....

"ශේර්....ශේර්....හු#තෝ ශේර්....."

මූතූෂ... මෙච්චර ලගට ඇවිල්ලා කතා කරනකන්  මං මිනිහාව දැක්කෙ නෑ නෙ....

"කන් ගොඩ වෙලාද බල්ලෝ...උබ මනෝපාර ගහන් තනියෙන් හුකන්නෙ අපිටත් කියපන් ...."

මූ මොන කුණුහරුපයක් කියනවද කියලා හිතාගන්න බැරුව මම ඉදියෙ....

"තෝ නන් ලිංගික කුහකයෙක් ..අපිත් පොඩි කික් එකක් දාගත්තම හෙන ගහයි උබේ ඕකට...."

මූ ආයෙ කියවනවා...කියන්නෙ  මොනවද කියලවත් එක වචනයක් මට තේරුණ් නෑ ඒත් මං මූතූෂගෙ අතින් ඇදගෙන එතනින් ආවා....බයික් එක ගාවට යනකන්ම ආවා....

"යමන් මුතූෂ.... ඕක ස්ටාර්ට් කරගනින්....."

" ශේර් උබ හොදින්ද...."

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now