ආසි 4 ♠️

770 136 110
                                    

...

ආච්චි නැගිටින්න කලින් මං හෙමීට කිට ගහන් ඔෆිස් එකට යන්න මාරු වුණේ උදේ පාන්දර එයාට උත්තර බැද බැද ඉන්න මූඩ් එකක් නැති නිසා.....

යනකොටත් ටික දෙනෙක් ඇවිත් ඉදපු නිසා මම එහෙමම මේසෙ කොණකින් බෑග් එක තියලා වාඩි වුණේ ඊයෙ රෑ  බැරි වුණ රිසර්ච් එකේ ඩේලි රිපෝට් එක හදන්න....

......

හොයාගෙන ආපු සමහරක් දේවල් මගේ හිත එක්ක ගලපලා රිපෝට් එක හැදුවට පේපර්ස් ඇතුලින් මට පෙව්ණෙ මගේ දිහා අමුතු වලත්ත හිනාවක් එක්ක බලාගෙන ඉන්න ආසියාව....

"ශේර් හරි සිහියට වරෙං මේක උබ වැඩ කරන තැන .. මෝල් අමාරුව පස්සෙ යවාගනින්....."

කලිසමට උඩින් තට්ටුවක් දාලා භාගෙට පණ ගහලා ඉන්න මල්ලියාව මම අමාරුවෙන් පාලනේ කරගත්තෙ මෙතන නෝණ්ඩි වෙන්න බැරි නිසා....

කැමරා උස්සගෙන හැටේ දශකෙ විතර ඉදන් ගොඩ ගහපු පත්තර ගොඩකට යට වෙලා දාඩිය කාගෙන වැඩ කරන නාකි පප්පලා අතරෙ යාන්තමට හරි කෙල්ලෙක් ගස්සන්න පුළුවන් පර්සනැලිටියක් තියාගෙන ඉදපු කොල්ලො ඉදියෙ දෙතුන් දෙනයි......

මූණ පුරා වවපු රැවුලට හීනීයට කරෝකලා හදපු උඩුරැවුල එක්ක වර්ක් අවුට් නොකරත් ගාණට තිබ්බ බොඩියයි කිරි සිදු නැතත් පාට වැටිච්ච හමයි ඕනම කෙනෙක් ගාණට තියාගෙන ඉන්න කතාවයි නිසා අපේ පත්තර කන්තෝරුවේ  වුණ්ට මාවත් පොරක් වුණා..... හැබැයි මටත් වැඩිය පොරක් මේකෙ ඉදියා.....

"මුතූෂ ආකේෂ් ශ්‍රී දේව්....."

අපේ ඔෆිස් එකේ ඉදපු කිරි කොකා....මහ බඹා ගෑනිව මතක් කරං අතේ ගගහා ඉන්න වෙලාවක මූව මැව්වද කියලත් මට සැකයි....ඒ තරං කඩවසම් පර්සනැලිටියක් උට තිබ්බෙ......ඒ රූපෙ විස්තර කරන්න සාමාන්‍ය මනුස්සෙක්ට අමාරුයි....යාන්තමට අර ඉන්දියන් නළුවා ෂහිඩ් කපූර්ගෙ පෙනුමකුත් මුට තිබ්බා... හැබැයි ඊට වැඩිය කෙල්ලො කොර කරන පැණි මූණයි වලත්ත බැල්මකුයි අපේ එකාට තිබ්බා......ඔෆිස් එකට ආපු දවසෙ ඉදන් මගේ බොක්ක තමා.....හැම කෙල්ලටම පැණි හල හල ගියාට මුගේ පට්ට ගණන්....සෙක්සි බබා හිනාව දාලා මිනිස්සුන්ව ගාණට අවුස්සලා මූ බබා වගේ දාන ඇක්ටින් පාර තමා අගයන්න වටින්නෙ..... පිටට ලොකු සීන් වුණාට මුතූෂයාට පට්ට හොද හිතක් තිබ්බා.......

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now