ආසි 9 ♠️

597 121 44
                                    

මට උදේම නැගිට්ටුණේ එක දිගටම රින්ග් වෙන ෆෝන් එකේ සද්දෙ නිසා.....

"මොන තිරිසනෙක්ද මන්දා උදේ පාන්දර ඇණ වෙන්නෙ..."

මම නිදිමතේම ෆෝන් එක අතට අරගෙන කෝල් එක ආන්සර් කරේ තරහෙන්...ඇයි ඉතිං ලස්සන සෙක්සි හීනෙ හොදම හරිය යද්දි ඒක කෑවනෙ....

"හෙලෝ ...."

"මොකෝ සුදු මහත්තයා උදේ පාන්දර ම තරහා ගිහිං....."

ආසියා ....ෂිට් ඊයෙ රෑ කිව්වනෙ උදේට කෝල් කරනවා කියලා මටනෙ අමතක වුණේ.....

"නෑ සුදු අයියා මගේ සෙක්සි හීනෙ හොදම හරියෙදි හරකෙක් මැද්දෙන් පැන්නනෙ...."

"ආහ්...කවුද මැණික ඒ මං බලාගන්න ඒ හරකා ගැන...."

"උදේ පාන්දර කෝල් කරලා වද දෙන ජාතියෙ හරකෙක් නෙ ඉතිං ඒ...."

"තමුසෙ මේ මාවම ආතල් එකට අරගෙන නෙ...."

ආසියා එහා පැත්තෙන් කියද්දි මට හිනා ගියේ එයා ඒක කියපු විදියට...ටික වෙලාවක් කතා කර කර ඉදලා මම ෆෝන් එක තිබ්බෙ වැඩට යන්නත් පරක්කු වෙන නිසා...ඒත් ආසියා ෆෝන් එක තිව්වට පස්සෙ මට පාළු හිතුණෙ ඇයිද කියලා මටත් තේරුමක් නෑ....මොකද මෙච්චර කල් එයා ඉදියෙ නෑ නෙ මගේ පාළු මකන්න...

මම ලෑස්ති වෙලා එලියට යද්දි ආච්චි නැගිටලා.....

"සුදු පුතා යන්නද ඔය....."

"ඔව් ආච්චි අද වැඩ නෙ...."

"අද අර සේනක මහත්තයත් එනවා කිව්වා...පුතා ගෙදර නැති වුණොත් ඒ මනුස්සයා මොනවා හිතයිද...."

ඔය සේනක කියන්නෙ මගේ නෝනා පොඩ්ඩගෙ තාත්තා.... මාමණ්ඩි නැන්දම්මයි එනවා කියලා කලින් කියලා තිබුණට මට මේවත් එක්ක ඒවා අමතක වෙලා තිබුණෙ... ආච්චිගෙ හිත රිද්දන්නත් බෑ අනික ඔය මිනිස්සු මොකට එනවද මන්දා....මං එතනම තිබ්බ වැල් ඇදිච්ච පුටුවකින් ඉදගත්තෙ මොකද කරන්නෙ කියලා හිතලා.....

මුතූෂට කෝල් එකක් අරගත්තෙ උට කියලවත් පොතේ අත්සනක් දාගන්න පුළුවන් ද බලන්න...

"හෙලෝ මචං...."

"කියපන් කියපන් අහගෙන ඉන්නේ...."

"අනේ සුදු පුතා අදට මගේ අත්සනත් ගහපන්කො අරකෙ.... නැන්දම්මා පොඩ්ඩයි මාමණ්ඩී එනවලු මාව බලලා යන්න...මං ඉන්නම එපැයි බං....."

"උදේ පාන්දරම කූපාඩි වැඩකටමයි උබලත් කතා කරන්නේ....මූසලයි කූජිතයි.... රස්සාව කරලා යන්තං බඩ රැකගන්න තැනට කොහොමද බං හිතකින් ද්‍රෝහි වෙන්නෙ..."

"කෙල්ලෝ රූම් දක්කද්දි තොපිට අත්සන් ගහපු අපිට එලෝ එලෝ ගහලත් මදි.....වරෙන්කො ආයෙ අරකයි මේකයි ගාගෙන....."

"ඉදකිං කුණා තොපිට විහිලු තේරෙන්නෙත් නෑ.....හරි හරි මං කරන්නන් දැං තියපන් ....සති ගාණකින් දෙයියනේ කියලා දත් ටික මදින්න ගද්දි වාත වෙන්නෙ මෙතන...."

"ඊයා යකෝ....පව් උබේ ගෑනු ටික....හරි හරි එහෙනන් තිව්වා..."

ඒ කතාවත් එතනින්ම ඉවර කරලා මම ගියේ කුස්සියට උයලා තියන දෙයක් බලලා කන්න....ඒ යනකොටත් ආච්චි මගේ බත් එක බෙදලා....

"ආ සුදු පුතා බත් එක.....පුතා දන්නවද අර එහා ගෙදර සුමනාගෙ ලොකු කෙලී උබව හොයාගෙන දවස් ගාණක්ම මේ පැත්තෙ කැරකුණා....ඒ දවස් දෙක තුනේම උබ නෑ කියලා ආයෙ හැරිලා ගියා....

හැබැයි ඒ වගේ හිගන පරම්පාර එක්ක පෑහෙන්න නන් තියගාන්න එපා පුතෝ....උන් කවුද අපි කවුද...."

"හරි හරි ආච්චි.... පරම්පරාව උයගෙන කන්න ඔයා....මම කරගත්ත මගුලක් නෑ ඉස්කෝලෙ එක පන්තිවල ඉදපු යාළුකමට කතා කරන්න එන්නැත්තෙ....."

"එහෙනන් කාරි නෑ ඉතිං....."

ආච්චි කියන මෙලෝ සංසාරයක් මට හරියට තේරුණ් නෑ....ඒ වුණාට ඕවට උත්තර නොදී ඉන්නත් බෑ පස්සෙන් පහුවට වාත වෙන්න පුළුවන්....අනික දවසක ආච්චිගෙ බෑණා පොඩ්ඩ හදුන්වලා දෙද්දි මගේ පෙර වැරදි නොතිබෙන තරමට හොදයිනෙ.....මම කාලා ඉවර වෙලා වත්ත වටේ පොඩි රවුමකුත් දාලා ඇවිත් ආයෙ ඉදගත්තෙ නැන්දම්මලා එනකං බලන් ඉදලා ඇති වෙලා....දහයත් පහුවෙලා මුන් තාම නෑ නෙ.....

ටිකකින් වාහනයක් ගෙදර මිදුලට දාන සද්දෙ ඇහිච්ච නිසා මං එලියට බැස්සා....

වාහනෙන් බැහැලා ආවෙ මගේ කොට බතල නැන්දම්මයි අලි ඔළුව මාමණ්ඩියි පොෂ් නෑනා පොඩ්ඩයි.....එයාලා ආපු සද්දෙ ඇහිලද මංදා ආච්චිත් ගේ ඇතුලෙ ඉදන් එලියට බැස්සා....














Ff එක ලියලා අනික් පැත්තට මේක ලියද්දි මූඩ් පැටලිලා අසරණ වුණ මං....නිදිමතේ  භාගයක් ටේ , ජින් දාලා  ලියලා ..ඩිලීට් කරලා ආයෙ ලියන්න වුණා ඉතිම්....

පව් අහිංසක මං....

කමෙන්ටුවක් දාගෙන යන් නේ.....

_Zrash_

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now