ආසි 17 ♠️

456 85 49
                                    

ඒ වෙලාවෙ හැටියට එහෙමයි කියලා ලොකු අවශ්‍යතාවයක් නොතිබුණත් මම වැඩි ටික ඉවර කරලා ඔෆිස් එකෙන් යන්න ලෑස්ති වුණෙ ඉක්මනින් ආසිව බලන්න ඕනෙ කියලා දැනිච්ච නිසා. රෑ ෂිෆ්ට් එක ඉවර වුණු ගමන් හදපු ආටිකල්ස් ටික ෆයිල් එකට දාලා මම ඉක්මනට ගියේ ඔෆිස් එකෙන් එලියට. ටික වෙලාවක් එතන හිටගෙන ඉද්දි මහලොකු ට්‍රැෆික් එකක් නොතිබුණු වෙලාවක් නිසා මම අතදාපු ටැක්සිය නතර කලා.

"මහත්තයා කොහේටද යන්න ඕන..."

වාහනේ ඉදපු මනුස්සයා ඔළුව භාගෙට ඇලකරලා ගරුසරු ඇතුව අහපු විදියෙන් මගේ හිතේ ඇතිවුණේ පොඩි පැහැදීමක්.බෑග් එකත් අරගෙන ටැක්සියට නැගලා ඒ මනුස්සයට යන්න ඕන තැනත් කියලා මම ලාවට ඇස් පියා ගත්තා. හිතට ලොකු නිදහසක් නොතිබිච්ච නිසාද මන්දා නින්ද මගේ අහලකටවත් නාවෙ. හේතුවක් නැතුවත් ලගදි ඉදලා කලබල වෙන මගේ හිත ගැන වෙලාවකට මටම පුදුම හිතුණා. මොකද ඉස්සර මම මීට හාත්පසින්ම වෙනස් චරිතයක් . අම්මා අප්පා කියන දේවත් කනකට ගන්නැති , සෙල්ලක්කාර මනුස්සයෙක් වෙලා තිබුණු අතීතෙ එක්ක බලද්දි දැන් ඉන්න ශේර් වෙනම මනුස්සයෙක්.

"තමුන්ගෙ ඒ දෙකයි පනහෙ කාලකණ්ණි ජීවිතේ තමයි අර කෙල්ල ආස්යාවත් මරාගත්තෙ...."

මගේ යටිහිත මටම මුමුණන වචන මගේ කන්වල දෝංකාර දුන්නා.
"නෑ ඒක එහෙම නෑ...."

මම මගේ හිත එක්ක තර්ක කලා.
ඇත්තටම මේ සිද්දවෙන සමහර දේවල හැටියට මට වෙලාවකට හිතුණා මම නිදිකුමාරි වගේ අවුරුදු සීයක විතර නින්දට වැටිලා නපුරු හීන දැක දැක හීන ඇතුලෙ ජීවත් වෙනවා කියලා. මට ඒක එහෙම නෙවෙයි කියලා හිතන්න තිබුණු එකම හේතුව තමා ආසි....මේක හීනයක් නන් එයා නිසා මේ හීනෙ ලස්සන වුණා කියන දේ මම හොදටම දැනගෙන ඉදියා . ඒක හරියට පැන්සල් ඉරිවලින් ඉවර කරපු චිත්‍රයක් ලස්සන ලස්සන පාටවලින් හැඩ කලා වගේ.

"ස්ස්ස්...මොනාද ශේර් තමුසෙ මෙ හිතන මනස්ගාත...."

ටික වෙලාවක් යද්දියි මට තේරුණේ මේ විනාඩි දෙකතුනට මං කොච්චර අපබ්‍රංස ටිකක් හිතලද කියලා. ඒ නිසාම මම බාගෙට පියාගෙන තිබුණු ඇස් දෙක ඇරලා ටැක්සියෙ සීට් එකට හේත්තු වුණා. මට ටැක්සිය එලවපු මනුස්සයා එක්ක පොඩි කතාබහක් පටන් ගන්න හිතුණෙ තිබිච්ච කම්මැලි කම , පාළුව නිසාමයි. ඒ මිනිහාව චැටකට අල්ලගන්න එක මං හිතපු තරං අමාරු වුණේ නෑ.

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now