ආසි 11 ♠️

563 109 91
                                    

මම දොර ඇරගෙන ඇතුලට යද්දිම එයා මගේ ෂර්ට් එකෙන් ඇදලා මාව ලගට අරගෙන එහෙමම ඇදට වැටුණා...මාව ඇදට දාලා එයා මගේ ඇග උඩ නැගල පිස්සුවෙන් මගේ මගේ තොල් උරද්දි මම අත් දෙකෙ එයාගෙ බෙල්ල වටේ දාලා ඉස්සුණේ ආසිට ලේසි වෙන්න..ඒ එක්කම ගලවලා එයා මගේ පපුව පුරාම මූණ ඇතිල්ලගෙන ගියා...මාව හිරිවැටිලා යනවා වගේ....

එයා ආයෙමත් මගේ තොල් මාරුවෙන් මාරුවට උරන ගමන් එයාගෙ ඇගිලි මගේ පිට පුරාම යැව්වා..තොල් වලින් ලාවට ලේ රහක් ආවත් මට ඒ ගැන හිතන්න නොදී එයා තවත් මගේ තොල් එක්ක දිවෙන් සෙල්ලන් කරා....

එයාම හිතලා නැවතුණොත් මිසක් එයාව බලෙන් ඈත් කරන්නෑ කියලා මම මටම පොරොන්දු වෙලා තිබුණෙ...මගේ අසහනේ යවාගන්න නෙවෙයි එයාගෙ ආවේගෙ මගෙන් පිට කරන්න ඉඩ දෙන්න ඕන නිසා....

මගේ තොල් එක්ක මාරුවෙන් මාරුවට සෙල්ලං කරලා එයාගෙ හීනි ඇගිලි මගේ පපුව දිගේ පහලට යනවා වගේ දැනෙද්දි මම ඇස් පියාගත්තා...ඒත් ටික වෙලාවක් යද්දි ඒ ඇගිලි එහෙමම නැවතුණා...

"සමාවෙයන් මැණික මට මාව කන්ට්‍රෝල් මදි... මගේ හිතේ තියන විදිහට උබව දවසක මගේ කරගන්න කන් මම පාලනය වෙන්න ඕන මීට වඩා....."

එයාගෙ කටහඩේ තිබුණෙ වරදකාරී බවක්...ඒත් ඒක එහෙම වෙන්න ඕනෙ නෑ නෙ..එයා මට බලෙන් කිසිම දේකට කතා කලේ නැහැනෙ....

මම එයාගෙ පපුව උඩින් ඔළුව තියාගත්තා...ඒ වෙනකොට එයාගෙ ෂර්ට් එකත් භාගෙට ගැලවිලා තිබුණෙ.....

"තමුසෙ වැරදි නෑ අයියෙ... පිස්සු කියවන්න එපා ඉතිං..."

"ඒ වුණාට බං...."

"ඕක ඇති දැන්...මුකුත් වුණෙත් නෑ මෙයා නාහෙන් අඩනවා ..."

"ඒත් ..."

"ඒත් මේත් නෙවේ පොඩ්ඩක් මෙහෙම ඉන්නවාකො ...මේ මිනිහා නන් රොමෑන්ටික් වෙන්න දන්නෙම නෑ...."

අන්තිමට ආසියා කටවහගෙන ඉදියා....එයා මගේ බෙල්ලෙ රතු වෙච්ච තැන් දිගේ ඇගිලි ගෙනියනවා....එතකොට නන් සනීපයි...

පව් එයා... නපුරු ආත්මයක් ඇතුලෙ හිර වෙච්ච සුරංගනා කුමාරයෙක් වගේ... වැරදීමකින් සාතන්ගෙ වාසගම විතරක් ලැබුණු ආදම්ගෙ මැවීමක් වගේ.....

තුරුම්පු ආසි♣️||[Completed]Where stories live. Discover now