Chapter 05💜

172 32 2
                                    

කාමරේ කොනක තිබ්බ Luggage එකේ නේම් ටැග් එකක්..

Anjali Gawesha Wichramanayaka
From Nigeria TO USA
Murtala Muhammed International Airport
Delta airlines

ඒත් එක්කම තියෙන දේ දැක්කම ජින්ට පොඩි හිනාවක් ආවා..

අංජලී හැමදේම හැංගුවත් කෙල්ලට එක දෙයක් අමතක උනා.. කෙල්ල හැමතැනම අරගෙන යන චූටි බෑග් එකේ එල්ලලා තිබ්බ BTS කී ටැග් එක ගලවන්න කෙල්ලට අමතක උනා.. ඒ කීටැග් එක තමයි ජින් දැක්කෙ.. ජින්ට පොඩි සතුටක් දැනුනා එයලට උදව් කරේ ආමි කෙනෙක් නේද කියලා හිතුනම.. එයාට අනිත් අයට කියන්න හිතුනත් අංජලී ඒක හැංගුවේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇති කියලා ජින් ඒක රහසක් විදියට තියාගන්න හිතුවා.. බෑග් එක අරගෙන කී ටැග් එක හෙමිහිට ගලවලා අතට ගත්ත ජින් ඒක සාක්කුවට දා ගත්තා..

වැඩ ටික ඉවර වෙලා අංජලී රූම් එකට ආවෙ විනාඩියක්වත් තනියෙන් තියන්න පුලුවන් සෙට් එකක් නෙවෙයිනෙ තමන්ගෙ රූම් එකේ ඉන්නෙ කියලා හිත හිත.. අංජලී රූම් එකට එද්දි කට්ටියම තැන් තැන් වල.. එක්කෙනෙක්වත් තාම උදේටවත් කාලා නෑ.. අංජලී කට්ටියත් එක්කම කතා කරලා අන්තිමට තීරණය කරා දහයකට කෑම ඕඩර් කරන එක අවධානම් නිසා එළියෙන් කෑම ගේන්න..

"අපි නිසා මාර කරදරේ නේ.." අංජලී රිචර්ඩ් එක්ක එළියට යද්දි සේජින් කිව්වෙ ඇත්තටම කොහෙවත් ඉදපු මිනිස්සු දෙන්නෙක්ව කරදරේ දාපු එක ගැන කණගාටුවෙන්..

"ආ ආ ඇති.. මතක ඇතුව සද්ද නොකර ඉන්න.." අංජලී කිව්වෙ දොර වහන ගමන් හිනා වෙවී.

"කුකී මොකද කතා නැත්තෙ?" ජින් ඇහුවෙ ජන්ග්කුක් කිසිම සද්දයක් නැතුව ඉන්න නිසා..

"ඒකනම් ඇත්ත වෙනදට කතා පෙට්ටිය අද කට වහගෙන.." නම්ජූන් කටකොනක හිනාවක් ඇදගෙන කියද්දි යුන්ගි වුවමනාවෙන් කුකී දිහා බැලුවා..

"මං බලාගෙන ඉදියෙ ඉතිං මොනවා කියන්නද??"

"එයාලට තියෙන්නෙ සාමාන්‍ය හදවත් වෙන්න බෑ.. ටිකක් ලොකු හදවතක් ඇත්තෙ.."

"ඒකට නම් මාත් එකඟයි.. තමන්ගෙ ජොබ් එකටත් රිස්ක් එකක් අරං ඔහොම දේවල් කරාවිද නේ??" ජින් කියපු දේ අනුමත කරේ ටේ..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now