Chapter 13💜

164 35 3
                                    

හේසූන් ගෙ ඩිසයින් රූම් එක ළගට ගිය අංජලී දොර ඇරියේ "ඔන්නී බඩගි... නී..." කියාගෙන උනත් "ඔහ්හ් සොරි.. ආයිශ් මෝඩ කෙල්ල" කියාගෙන ගිය පයින් ආපහු හැරිලා ඔලුවට එකක් ගහගත්තෙ ඇතුලට යද්දිම දැක්ක දේ නිසා.. ජීමින් ඉදියේ කොස්ටියුම් චෙක් කර කර චේන්ජ් කරන ගමන්..

"යාහ්හ්හ්" ඇතුලෙ ඉදපු ජීමින් කෑ ගැහුවෙ පුටුව උඩ තිබ්බ ශර්ට් එක අතට ගන්න ගමන්.. අංජලීගෙ කටහඬට ඒ පැත්තට හැරුන ජීමින්ගෙ කට කොනකට ආවෙ දගකාර හිනාවක්.. අංජලී බෑග් එකත් අත් දෙකෙන් අල්ලගෙන ඇස් දෙකත් තදකරලා පියාගෙන දොරළඟ හිටගෙන ඉදියේ.. ජීමින් ෂර්ට් එක දාගෙන හෙමිහිට අංජලී ගාවට ගිහින් මූණට එබුනා..

"ඒයි ඇස් අරිනවා.." ජීමින් කියද්දි අංජලී ඇස් දෙක තද කරගෙනම "බෑ" කියලා කිව්වෙ ජීමින්ගෙ මූණ හිනාවකින් පුරවලා.. "කවදාවත් දැකලා නෑ වගේ බොරුවට ඉන්නවා.." ජීමින් කියපු කතාවට අංජලී එක පාරටම ඇස් ඇරලා ඉස්සරහා බලද්දි  තමන්ගෙ මූණට අගල් තුනක් විතර ඉස්සරහින් තියෙන ජීමින්ගෙ මූණ දැකලා කෙල්ල ගැස්සිලා පිටිපස්සට අඩියක් ගත්තා.. ඒත් එක්කම අංජලී බැලන්ස් නැතුව වැටෙන්න යද්දි අංජලීගෙ ඉණ වටේට අත දාලා අල්ලගත්තු ජීමින් අංජලීව ළගට ඇදලා ගත්තා.. අංජලී කෙලින් වෙලා ජීමින්ගෙ අත අයින් කරන්න හැදුවත් ජීමින් නෙවෙයි අංජලීව අතෑරියේ.. අංජලීට දැනුනෙ හුරුපුරුදු ආමන්ඩ්, රෝස පර්ෆියුම් සුවඳ..

"අනේ අතාරින්නකෝ.." අංජලී ගැලවෙන්න දගලන ගමන් කියද්දි කට කොණකින් හිනා වෙච්ච ජීමින් "ආපහු වැටුනොත්" කියලා කිව්වෙ හිනා වෙන ගමන්.. ඇස් පිල්ලම් වේගෙන් වේගෙන් ගහන ගමන් අත් දෙකෙන්ම ජීමින්ගෙ අත පහළට තල්ලු කර කර ඒ අත් වලින් ගැලවෙන්න දගලන අංජලී මේ වෙලාවෙ හොදටම කලබල වෙලා කියලා ජීමින්ට තේරුනා..

"මොකෝ මේ කලබල වෙලා.." තොලේ කොනක් හපාගන්න ගමන් යන්තම් හිනා වෙලා ජීමින් අහද්දි ජීමින් දිහා බලපු අංජලී "අනේ කවුරුහරි දැක්කොත්.." කියලා කිව්වෙ දොර දිහා බලන ගමන්..

"දැන් දකින්නෑ.." එක අතකින් දොර වහන ගමන් ජීමින් කියද්දි අංජලී බය වෙච්ච ඇස් දෙකකින් ජීමින් දිහා බලා ගොත ගගහා "ජී.. ජී.. මින්.." කියලා කියද්දි ජීමින් කලබල වෙච්ච අංජලීගෙ එහේ මෙහේ යන ඇස් දිහාම බලාගෙන ඉදියේ වශී වෙලා වගේ.. අංජලී එයාගෙ සීතල උනු අත් දෙකෙන් ජීමින්ගේ අත පහළට තල්ලු කර කර ගැලවෙන්න දැගලුවත් ඒකෙන් උනේ අංජලීව තවත් ඒ අත් වලට හිර වෙච්ච එක..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now