Chapter 20💜

153 27 0
                                    

"මං කෙනෙක්ට ආදරේ කරනවා.." ටිකක් වෙලා කල්පනා කරලා අංජලී රවීනාට කිව්වා.. ඒත් එක්කම පිටිපස්සෙන් ඇහුනෙ කහින සද්දයක්.. අංජලී රවීනා දෙන්නම හැරිලා බලද්දි එතන ඉදියේ අංජලීගෙ නංගි.. නහයෙන් කටින් කෝපි පෙරාගෙන කහින නංගිවව දැක්කම රවීනාට හොදටම හිනා...

"ඕයි හිනා වෙන්න එපා අක්කේ.. මාර වැඩ තමයි කරන්නෙ.." නංගි රව රව කියද්දි රවීනා නංගිගෙ පිටට තට්ටු කරන ගමන් "තමුසෙ මොකටද අපේ කතා අහගෙන ඉදියේ.." කියලා ඇහුවා..

"අනේ ඕක අහගෙන ඉදලා වැඩක් තියෙනවැයි මට.. අන්න කෝපි ගෙනවා බොනවා.." නංගි බැන බැන යද්දි රවීනා අතින් අල්ලලා නවත්තලා "ඒ ඒ යන්නෙපා මෙහෙන් ඉන්නෝ.." කිව්වා.. "

"තමුසෙ එනකන් ඉදියෙ නංගි.." කාමරේට ගිහින් කෝපි දෙක අර ගන්න ගමන් රවීනා උමාට කිව්වා..

"ආ.. මේක ගනින්.." අංජලීගෙ අතට කෝපි එක දෙන ගමන් රවීනා නංගි එක්ක බැල්කනි එකේ බිම වාඩි උනා.. අංජලී නිදාගෙන හිටපු තැනින් නැගිටලා කෝපි එක අරං බිම වාඩි උනා.. ටිකක් වෙලා ඈත බලාගෙන ඉදපු අංජලී හෙමිහිට කතාව පටන් ගත්තා.. වෙච්ච දේවල් එකින් එක කියලා ඉවර වෙච්ච අංජලී කම්මුල් දෙක අත් දෙකෙන් පිහිදැම්මෙ කදුළු පාරවල් මැකෙන්න..

"ඒක කරපු එකාව හොයා ගන්න බැරිද?? නංගි තරහෙන් අහද්දි අංජලී බෑ කියන්න ඔලුව වැනුවා..

"ඔයා ඔයාට හොදයි කියලා හිතුන දේ කරානෙ මැණික.. දැන් ඔයාගෙ තීරණේ ගැන පසුතැවෙන්න එපා.." රවීනා කිව්වෙ අංජලීගෙ උරහිස උඩින් අතක් තියලා..

"එයා මාව හොයනවා ඇති.." අහස පුරා විසිරිලා තියෙන තරු දිහා බලාගෙන අංජලී කියද්දි නංගි ගැඹුරු හුස්මක් හෙලලා අංජලීගෙ පැත්තට හැරුනා..

"අක්කා දැන් ඔයා තීරණයක් අරගෙන මෙහෙට ආවෙ නේ?? ඉස්සෙල්ලම කරන්න ඕන ඔයා රිලැක්ස් වෙන එක.. ඊට පස්සෙ හෙමිහිට හිතමු අපි කරන දේ ගැන.. හොදද??" අංජලීගෙ උරහිස උඩින් අත දාගෙන නංගි කියද්දි අංජලී හ්ම්ම්ම් කියලා විතරක් කිව්වෙ ඇස් අග නලියන කදුළු බිංදු දබරැගිල්ලෙන් පිහිදාන ගමන්.. රවීනා නංගි එක්ක අංජලීගෙ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්වා..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMDonde viven las historias. Descúbrelo ahora