Chapter 11💜

172 30 4
                                    

Episode - 11

"මොකක්.. වෙන්න බෑ.. " අංජලී ඇදේ ඉන්දවුනා.. කෙල්ල එක පාරටම ඇදෙන් නැගිටලා කබඩ් එකේ තිබ්බ ඇදුම් ටික අවුසලා ජීමින්ගෙ ශර්ට් එක අරගත්තා.. ටික දවසක් ගත වෙලා තිබුනත් ඒ ආමන්ඩ් රෝස පර්ෆියුම් සුවද තාමත් ඒ විදියටම තිබ්බා..

"ඒකම තමයි.. ඒ සුවදමයි.. අද හන් ගඟ ගාව ඉදියෙ ජීමින්ද එතකොට.. පිස්සෙක් වගේ එහෙම ඇවිදිනවද දෙයියනේ.." අංජලී කල්පනා කර කර ඇදෙන් හාන්සි උනා..

ටේ ජීමින්ගෙ අතින් ඇදගෙන ගිහින් වාහනේට නැග්ගටත් පස්සෙයි හුස්මක් ගත්තෙ..

"ටේටේ.. එයාට තුවාල උනාද දන්නෑ.. විසි වෙලා ගිහින් වැදුනා.." ජීමින් කිව්වෙ කල්පනාකාරී හඩකින්.. වෙච්ච දේ නිසා ජීමින්ගෙ මූණ ඇද වෙලා..

"නැතුව ඇති ජිමිනා.. අනික බලන්න තව දෙන්නෙක් ඉදියනෙ.. තනියම නෙවෙයිනේ.."

"ඒ උනාට.." ටේ කියද්දි ජීමින් මාස්ක් එක ගලවලා ටේගෙ පැත්තට හැරුනා..

"අපිට එතන නැවතිලා බල බල ඉන්න බෑනේ ජිමිනා... වටේ ඉන්න මිනිස්සු අපි රෑ පුරා පාරවල් ගානෙ ඇවිදිනවා කියලා දැනගත්තොත් මොනවා කියයිද දන්නෑ.." ටේ කිව්වෙ ජීමින්ගෙ අවධානෙ වෙනස් කරන්න..

"ඒක ඇත්ත ඒ උනාට.." ජිමින් මගින් කතාව නවත්තල උඩු තොල දත් අතරට හිර කරගත්තා..

"මං දන්නවා ඔයා ඕනම කෙනෙක් ගැන වද වෙනවා කියලා.. ඒත් ජිමිනා ඕක ඔච්චර හිතන්න එපා.. දැන් යමු.. නැත්නම් නම්ජූන් හ්‍යුන්ග් අපිව කන්න හදාවී.."
ජීමින්ගෙ උරහිසට තට්ටුවක් දාලා ටේ කියද්දි ජීමින් යන්තමට හිනා උනා..

දවස් ගත වෙලා ගියේ හීයක වේගෙන්.. අංජලී හොස්පිට්ල් එකේ වැඩ බාර අරගත්ත එකට සයිකොල්ජි ඩිපාර්ට්මන්ට් එකෙන් පාටි එකකුත් දුන්නා.. අංජලී හොස්පිට්ල් එකේ මානසික රෝග අංශයේ වැඩ පිළිවෙලක් කරන්න ගොඩක් මහන්සි උනා.. ඒක අවුල් ජාලයක් වෙලා තිබ්බෙ.. උදේ අටේ ඉදන් රෑ දහය විතර වෙනකන් කෙල්ල එක දිගට හැමදාම වැඩ කරා.. මාසයක් විතර ගෙවුනට පස්සෙ තමයි අංජලීට පොඩි නිවාඩුවක් ලැබුනේ..

ක්ලිනික් ටයිම් පිළිවෙලට හදලා ඉවර උනාට පස්සෙ අංජලී හවස දෙක රෑ දහය ටයිම් එක විතරක් තමන්ගෙ ක්ලිනික් ටයිම් එක විදියට පාවිච්චි කරන්න තීරණය කරේ ජිනාගෙ කෑ ගැහිල්ල නිසා.. කෑමක් බීමක් ගැන හොයන්නෙත් නැතුව අංජලී වැඩ වලට මහන්සි වෙද්දි ජිනාගෙ රතු කට්ට පැන්නා.. අංජලී ගැන මැනේජර්ට කම්ප්ලේන් කරනවා කියලා කිව්වටත් පස්සෙ තමයි අංජලීගෙ ජිනාගෙ වචන වලට ඇහුම්කන් දුන්නෙ..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMUnde poveștirile trăiesc. Descoperă acum