Chapter 19💜

141 28 0
                                    

"මොකක්ද දැනගන්න තියන්නෙපා කිව්වෙ??" පඩිපෙළ  බැහැගෙන ආව ජන්ග්කුක් ඇහුවා.. එකපාරටම ඒ පැත්ත හැරුන යුන්ගි අංජලීගෙ ලිවුම සෝෆා එක උඩට දාලා අනිත් පැත්තට ඒක උඩ හාන්සි උනා..

"ආ මේ..."

"අංජලී ගෙදර ගිහිල්ලත් නෑ.. ඒක.." නම්ජූන් වචන පැටලි පැටලි කතා කරද්දි ජිනා එකපාරටම කිව්වා..

ජන්ග්කුක්ගෙ ඇස් දෙක ලොකු උනේ ජිනා ඒ කියපු කතාවට.. "ඒත් එයා කොහෙද යන්න ඇත්තෙ?? රිචර්ඩ්.. එයාට කෝල් කරලා අහන්න.." ජන්ග්කුක් කියද්දි ජිනා ඔලුව දෙපැත්තට වනලා "මං එයාට තමයි මුලින්ම ගත්තෙ.. එයා දන්නෙත් නෑලු.." කිව්වෙ තොල නොපිට පෙරලලා..

ටිකක් වෙලා කල්පනා කරලා යුන්ගි "මේ කෙල්ල කොහේ ගිහින්ද??" කියලා කියා ගත්තෙ තමන්ටමයි..

"දැන් කොහොමද ජීමින්ට.." නම්ජූන් ජන්ග්කුක්ගෙන් අහද්දි ජන්ග්කුක් "එයා ගාව ජින් හ්‍යුන්ග් ඉන්නවා.." කිව්වෙ නලල දෙපැත්ත එක අතකින් තද කරන ගමන්.. දවස් ගානක් මහන්සි වෙලා පැය ගානක් ෆ්ලයිට් එකේත් ඇවිත් හැමෝම ලොකු විවේකයක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙලාවක මේ වෙච්ච දේ හැමෝගෙන මහසිය දෙගුණ තෙගුණ කලා කිව්වොත් වැරදි නෑ..

"මං ඔයාලට බොන්න මොනවා හරි හදන්නම්..." ජිනා නැගිට්ටෙ කිචන් එකට යන්න.. "ඉන්න මං උදව් කරන්නම්.." යුන්ගි ලිවුමත් අතට ගුලි කර ගන්න ගමන් සෝෆා එකෙන් නැගිට්ටෙ කුකීගෙ හිනාව දැක්කත් නොදැක්කා වගේ පෙන්නලා.. එහා පුටුවක වාඩිවෙලා ඉන්න යුන් ජේ ඉදියෙ පිපිරි පිපිරි කියලා යුන්ගිට තේරුනත් යුන්ජේට මේවා පැහැදිලි කරන්න මේක වෙලාව නෙවෙයි කියලා යුන්ගිට හිතුනා..

එන්න එන්නම නොපෙනී යන සෝල් නගරය දිහා අංජලී බලාගෙන ඉදියෙ කදුළු පිරි දෑසෙන්.. ජීමින්, සහෝදරයො වගේ තමන් එක්ක ඉදපු අනිත් මෙම්බර්ස්ලා, සේජින් යුන්ජේ මතක් වෙද්දි අංජලීට දැනුනෙ අංජලීව ගිනිගන්නවා වගේ කියලා.. අංජලීට මේ තමන් වටේ සිද්ධ වෙන දේවල් දරාගන්න බැරි තරම් බරයි..  ශීට් එකට ඔලුව තියාගෙන අඩපු කෙල්ල ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාට පස්සෙ එයාපෝට් එකෙන් එළියට ඇවිත් වටපිට බැලුවෙ එක්කගෙන යන්න එනවා කියපු මනුස්සයව හොයාගන්න.. අංජලී දැක්කෙ එයා එනකන් බලන් ඉන්න මල්ලිව.. අංජලී බිම බලාගෙනම මල්ලි ගාවට ගියා.. අංජලීගෙන් මොකුත් අහන්නෙ නැතුවම බෑග් ටික ගත්ත මල්ලි ඉස්සර උනේ "යමු අක්කේ" කියාගෙනමයි..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now