Chapter 18💜

152 28 0
                                    

කතා කරලා ඉවර උන ගමන් කෝල් එක කට් කරලා අංජලී එහෙමම බිම වාඩි උනේ.. පපුවත් අතින් තද කරගන්න ගමන්.. අංජලීට දැනුනෙ පපුව මැද්දෙ හිර වෙනවා වගේ.. කෙල්ල නිසොල්මනේ බලාගත්තු අත බලාගෙන ඉදියේ ඇස් වලින් ගලාගෙන යන කදුළු ගැනවත් ගානක් නැතුව..

පැයක් විතර එතනම වාඩි වෙලා ඉදපු අංජලී බෑග් එක අරං ඇදුම් අත්‍යාවශ්‍ය දේවල් ටික පැක් කරන්න පටන් ගත්තා.. ජීමින්ගෙ ෂර්ට් එක දිහා ටිකක් වෙලා බලාගෙන ඉදපු අංජලී ඒක අරගෙන බෑග් එකට දාගත්තෙ පරිස්සමට.. ඊට පස්සෙ කෙල්ල අස්වීමේ ලිපි දෙකක් ටයිප් කරන්න ගත්තෙ හොස්පිට්ල් එකටයි HYBE එකටයි දෙන්න.. ඒ වැඩේ ඉවර කරලා අංජලී ජීමින්ට ලිවුමක් ලියන්න පටන් ගත්තෙ ඇස් වල කදුළු පුරවගෙන.. ඊටත් පස්සෙ අංජලී පහළ තට්ටුවෙ ජිනාගෙ රූම් එකට ගියේ ජිනාව හොයාගෙන..

"ඔන්නි.." අංජලී ඇදේ වාඩි වෙලා ඉදපු ජිනා ගාවින් හාන්සි වෙලා ජිනාගෙ උකුලෙන් ඔලුව තියාගත්තා..

"ජෙලී ඇයි මැණික මේ.." ජිනා අංජලීගෙ මූණට එබිලා බලලා ඇහුවා.. අංජලී ඇස් දෙක පියාගෙන ටිකක් වෙලා මොකුත් නොකියා ඉදියා.. "මට යන්න වෙනවා ඔන්නි.." අංජලී කියද්දි ජිනා අංජලීගෙ උරහිස් දෙකෙන් උස්සලා මූණ දිහා බැලුවෙ කොහෙද කියලා අහන ගමන්.. "කොහේහරි" අංජලී කියද්දි ජිනා කලබලෙන් අංජලී දිහා බැලුවා.. "මේ හදිස්සියෙ??" ජිනාට හිතුනා ජිනා නොදන්න මොනවමහරි දෙයක් වෙලා කියලා..

"අනේ මැණික මට කියන්න මොකද උනේ.." ජිනා අහද්දි "මොකුත් නෑ ඔන්නි.. මං ය න...වා..." අංජලීගෙ කටහඬ බිදිලා ගිහින් ඉකියක් මතු උනේ ජිනාව කලබල කරලා.. අංජලී ආයෙත් ජිනාගෙ උකුලෙන් ඔලුව තියාගෙන ගොඩක් වෙලා ඇඩුවා.. ජිනා කෙල්ලගෙ ඔලුව අත ගෑවා..

එක පාරටම නැගිටපු අංජලී ජිනාට කතා කරා.. "අපි යමු ඔන්නි.. අංජලී කියද්දි ජිනා අංජලී දිහා බලාගෙන ඉදියෙ කොහෙද කියලා අහන්න වගේ..

"අස්වීමෙ ලිපි බාර දෙන්න.. හෙට අටට ෆ්ලයිට් එක.. මං කොහේහරි යනවා.. මේ හැමදේම දාලා.." අංජලී කියද්දි ජිනා ඇස් දෙකත් ලොකු කරගෙන "ජෙලී ඔයාට පිස්සු හැදිලද? අර කොල්ලව පිස්සෙක් කරන්නද ඕන??" ජිනා ඇහුවෙ ඇදෙන් නැගිටලා.. ජීමින්ගෙ අළු පාට ඇස් මතක් වෙද්දි අංජලීට උහුලගන්න බැරි තරම් දුකක් දැනෙනවා..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now