Chapter 09💜

156 30 1
                                    

"මේ කොල්ලා නම්.." අංජලී අත් දෙක ඉනට තියාගෙන බාත් රූම් එක පුරාම බැලුවා.. ජීමින් ඇදගෙන ඉදපු ඇදුම් ටික එහෙමම දාපු දාපු තැන් වල.. අනේ මේ කොල්ලො නම්.. ඇදුම් ටික එකතු කරගන්න ගමන් අංජලීට හිතුනා.. ආමන්ඩ් සුවද රෝස සුවද එක්ක මුසු වෙච්ච අමුතු පර්ෆියුම් සුවදක් බාත් රූම් එකේ තවමත් රැදිලා තිබ්බා.. අංජලී ටී ශර්ට් එක විතරක් ළඟ තියාගෙන අනිත් ඇදුම් වොශින් මැෂින් එකට දැම්මා.. ටී ශර්ට් එක පරිස්සමට නවලා බෑග් එකක දාලා ලගේජ් එකටම දා ගත්තා අංජලී ඇදට වැටුනෙ නිදාගන්න හිතාගෙන.. ජීමින් නිදාගෙන ඉදපු කොට්ටෙත් ඒ සුවදමයි.. අංජලීට මතක් උනේ බබෙක් වගේ ජීමින් නිදාගෙන ඉදපු විදිය.. බරට හුස්මක් පහළට දාපු අංජලී ඒ කොට්ටෙම ඔලුවට තියාගෙන ඇස් පියගත්තා.. කෙල්ල නිදාගෙන නැගිටිද්දි දහය විතර වෙලා..

"වැඩේ හරියට උනේ නෑනෙ යකෝ.. කරුමෙට ගිනිකන්දක් පිපුරුවා.. ඌට මීටින් එකට යන්න බැරි වෙන්න මේක කරාට වැඩක් තියෙද?? ආහ්හ්හ්.. "

"බොස් දැන් උන් කිචන් එකෙන් දෙන කෑම කන්නෙත් නෑලු.. "

"කන්නෙ මොනවද??"

"කෑම හදාගෙනලු කන්නෙ බොස්"

"අපේ එකාව අහු වෙලා නෑනේ??"

"උගෙන් අර ඩොක්ටර්කාරයයි සේජින් කියන එකයි ඇහුවම අපි කියපු උත්තරේමයි දීලා තියෙන්නෙ.."

"අරූට මොකක් හරි කරනකන් මට අහු වෙන්න බෑ යකෝ.. කවුද උන්ට උදව් කරපු උන්.."

"චෙලෝ චිල්ඩ්රන්ස් ෆන්ඩ් එකේ ෆවුන්ඩර් අංජලී කියලා කෙල්ලෙක්, තව ඒකිගෙ යාලුවා රිචර්ඩ් කියලා ඩොක්ටර් කෙනෙක්.. උන් දෙන්නම ඒකෙ වොලන්ටියර්ලා බොස්"

"හාහ්හ්.. උන් දෙන්නටත් පාඩමක් උගන්නන්න ඕන.."

"ඕන නෑ බොස්.. ඒකෙන් වෙන්නෙ අපිව අහු වෙන එක.."

"මොකක් හරි කරපන් යකෝ.. මට මේවා බලන් ඉන්න බෑ.."

"ටිකක් බලන් ඉමු බොස්.." වීදුරුවක් බිදෙන සදයක් මැදේන් ඒ කටහඬ ඇහුනා..

අද මීටින් එක.. අංජලී පාන්දරම නැගිටලා ලොකු හුස්මක් ගත්තා..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMजहाँ कहानियाँ रहती हैं। अभी खोजें