Chapter 25💜 END

311 34 16
                                    

සෝෆා එකේ නින්දක් දාගෙන ඉදපු යුන්ගි නැගිටලා කියපු දේ අහලා කුකී ඉදපු තැනින් නැගිට්ටෙ කෑ ගහගෙන..

"අපි ගමනක් යමු.." යුන්ගි කිව්වෙ ඈනුමක් යවන ගමන්..

"හාහ්හ්හ්හ් කොහෙද?" ජන්ග්කුක් අහද්දි යුන්ගි හොබී දිහා බලලා "හොබී එනවද??" කියලා ඇහුවෙ ජන්ග්කුක් කියන එක ඇහුනෙ නෑ වගේ...

"යමු.." හොබී ෆෝන් එකේ සිංදුවත් නවත්තලා යුන්ගි දිහා බලලා කියද්දි සෝෆා එකෙන් නැගිටපු යුන්ගි "එහෙනම් ලෑස්ති වෙන්නකෝ.." කිව්වා..

"කොහෙද යන්නෙ කියන්නකෝ.." ජන්ග්කුක් ආපහු අහද්දි ජන්ග්කුක් දිහා බලලා "ඔය ටේගෙ ස්ක්‍රිප්ට් එක මේ පාරත් නැති කරපන්කෝ මං උඹට දෙනවා හා දත් දෙක ගැලවෙන්න" කිව්වෙ ජන්ග්කුක් මූණ ඇද කරගෙන යුන්ගි දිහා බලද්දි..

"අයිෆල්.." මූණත් දෙක කරගෙන ඉන්න කුකීට කට කොනෙන් හිනා වෙලා ෆෝන් එක දිහා බලාගෙන යුන්ගි ආයෙත් කිව්වා..

"ගමනක් යන්න ලෑස්ති වෙලා කාර් පාක් එකකට එන්න.. මිනිස්සු ඉන්න තැනකට යන්නෙ.." යුන්ගි ජිනාට කෝල් කරලා ජිනා මොනවත් අහන්න කලින්ම කට් කරේ ජිනා ප්‍රශ්න අහන්න ගත්තොත් කුකීටත් වඩා අන්ත වෙන හින්දා..

හ්‍යුන්ග් නූනත් එනවද?? කුකී ඇස් දෙකත් ලොකු කරලා ඇහුවා... "ඒවී, ලෑයුන්ගි කාමරේට ගියේ දෙන්නටම එහෙම කියාගෙන..

ජන්ග්කුක් හාවෙක් වගේ උඩ පැන පැන යන දිහා බලාගෙන ඉදපු හොබීට හිනා ගියේ ජන්ග්කුක් ගියපු විදියට..

"හ්‍යුන්ග් බොරු කිව්වෙ මේ යුනිවර්සිටි එකනෙ.." ජන්ග්කුක් යුන්ගිට ඔරවද්දි යුන්ගි ගිහින් ලෙක්චර් හෝල් එකේ පිටිපස්සෙ ශීට් එකෙන් වාඩි උනේ අනිත් තුන් දෙනාට වාඩි වෙන්න කියන ගමන්.. ඒත් එක්කම ස්ටේජ් එකට ආව කෙනා දැක්කම කුකී හොබී ජිනා තුන් දෙනාම කට ඇරගෙන බලාගෙන ඉදියේ යුන්ගි හරි බරි ගැහිලා එහා පැත්තෙ ඉදපු ජිනාගෙ උරහිසට ඔලුව තියාගෙන නිදාගන්න ඇස් දෙක පියා ගද්දි.

පැරිස් විශ්ව විද්‍යාලය පීරගෙන හමාගෙන ගිය මද සුළඟ අංජලීගෙ කෙහෙරැලි අතරෙ දග කරේ ගැඹුරු කල්පනාවල ගිලිලා ඉදපු අංජලීගෙ කල්පනාව බිඳ දමමින්..  ලින්ඩන් ගසක් යට උද්‍යාන බංකුවක වාඩි වී සිටින මේ තරුණියගේ දර්ශනය සුපුරුදු දර්ශනයක් නොවුනු නිසාම එහේ මෙහේ යන බොහෝ දෙනා අංජලී දිහා බැලුවෙ කුතුහලය පිරුණ දෑසින්..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now