Chapter 21💜

157 27 0
                                    

රෑ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අංජලී පියවි සිහියට ආවෙ අංජලීගෙ උරහිස උඩින් තිබ්බ අතක් නිසා.. ඒ මීනා.. අංජලී එක්ක අප්‍රිකා වල ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා ඉදපු මීනා රුසියාවට එන්නෙ ඒඩ්ස් රෝගීන් ගැන සමාජයේ පවතින මතය ගැන කරන සමීක්ශණයකට.. අංජලීත් ඇවිත් නැවතුනේ මීනා එක්කමයි..

"ජෙලී මං දන්නවා ඔයා ඉන්නෙ දුකෙන් කියලා.. දැන් මාසයකටත් වඩා වැඩියි හැමදාම රෑට ඔයා මෙතන ඉදන් අඩනවා.. උදේ වරුවම අනුන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයනවා.. ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්නෙ කවදද ජෙලී.. දැන් ජීවත් වෙන්න පටන් ගන්න ජෙලී.. ඔයාට පුලුවන්.. ඔයා මෙහෙම ගිහින් ලෙඩ වෙයි.. රෑට ස්ලීපින් ටැබ්ලට්ස් බොනවා උදේට පේන්කිලර්ස් බොනවා.. ඇති ජෙලී දැන්.." මීනා අංජලීව ළඟ බිම දණ ගහගෙන අංජලීව බදාගෙන කිව්වා..

"මීනා.. මට මහන්සියි මීනා.. කවදාවත් නැතුව මං පැනලා යනවා.. රිචර්ඩ් මට කෑ ගැහුවා.. මං වෙනස් වෙලා කිව්වා.. අනේ මං මොකක්ද කරන්නෙ??" අංජලී ඉකි ගගහා අඬ අඬම කියද්දි මීනගෙ ඇස් වල කදුළු පිරුනා.. අංජලී එයාගෙ හිතේ තියෙන හැමදේම කිය කිය අඩද්දි මීනා කරේ අංජලීව බදාගෙන අංජලීගෙ හිත හදපු එක..

මාස ගානක් ගෙවිලා ගියේ හැමෝම වැඩ එක්ක කාර්‍යබහුල කරලා.. අංජලී මොස්කව් වල හොස්පිට්ල් එකක වැඩ බාර අරගෙන හෙමිහිට වැඩ කරගෙන යද්දි වැඩිපුරම සහනයක් දැනුනෙ මීනට..

ඒ කාලය අතරතුර BTS සංගීත කණ්ඩායම නිලවශයෙන් වේදිකාවෙ සමුගැනීම සටහන් කරේ ලෝකය පුරා විසිරුණු මිලියන ගනනක් වූ රසික ප්‍රජාවගේ හදවත් වේදනාවෙන් පුරවමින්..

කාලානුරූපීව සාමාජිකයන් විවධ පැති වලට යොමු උනා.. සුගා නම්ජූන් දෙන්නා ව්‍යාපාරික කටයුතු එක්ක කාර්‍යබහුල වෙද්දි ටේ,ජින් දෙන්නම රංගනයට පිවිසුණා.. ජින් රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තෙ ජින්ගෙ හිතේ ඒ ගැන ලොකු කැමැත්තක් තිබ්බ නිසා.. හොබී ඩාන්සින් ඇකඩමි එකක වැඩකටයුතු කරගෙන යද්දි කුකී, ජීමින් දෙන්නම සෝලෝ ආටිස්ට්ලා විදියට ඉස්සරහට ගියා.. මේ මොන දේ කරත් එක්කෙනෙක්වත් සංගීතය අතෑරියෙ නෑ..

_L̶O̶V̶E̶ Y̶O̶U̶ C̶H̶E̶L̶L̶O̶W̶_ /Completed/ PJMWhere stories live. Discover now