හේතුව ...

418 68 12
                                    

නිමාවන දිනක ජීවිතය,

අවසන් තත්පරෙත්,

සොයන්නට වේවී මට,

සිහිනයක පමණක් රැදි දෑසක,

මම දැකපු ඒ ලෙන්ගතුකමේ හේතුව,

නිම නොවන අසීමිත ජීවන අරගලයක,

ජීවත් වීමම වෙනුවෙන්,

ගොඩ නගපු සිහිනයට හේතුව,

ඇදි වත පමණක් හිමි,

ජීවිත,

හූල්ලන හැටි අහිමි සිහින මත තබමින් සිය නෙත,

කුමක් නම් කරන්නද වෙන,

මා සොයාගෙනත් නෑ මම කවුද යන වග තවම.....

ලොව වෙනස් කල හැකි ශූරයන්,

මහ මග යදිති,

කුසගින්නට පමණක් හේතුවක් සොයමින් අද,

බලා යමක් දෙනු හැර වෙනතක් නම් කුමක්ද,

ඒ ලෙන්ගතු බවට මට දිය හැකි උපහාරය.....

(ඒ හිනාව වෙනුවෙන් කරන්න පුලුවන් චූටිම චූටි දෙයක් හරි කරන්න, හැමදේම තියන ඔයාට මට වඩා ලැබෙන දෙයින් සතුටු වෙන ඒ මුහුණු හරි ලෙන්ගතුයි හදවත් වලට)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(ඒ හිනාව වෙනුවෙන් කරන්න පුලුවන් චූටිම චූටි දෙයක් හරි කරන්න, හැමදේම තියන ඔයාට මට වඩා ලැබෙන දෙයින් සතුටු වෙන ඒ මුහුණු හරි ලෙන්ගතුයි හදවත් වලට)

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now