තනියට පිපෙන්න...

177 42 10
                                    

සුදු අරලිය මලක් වී ඉපදෙන්න,

මිනිස් පුලුටක් නැති පාලු සොහොනක,

සිතක් නැති මිනිස් කයකට,

අවැසියි මටත් තනියට පිපෙන්න,

හුළගට පැද්දෙමින් සීතලම කතරක,

උණුහුමින් ඒ පසට දිරනා රූපයට,

ඉදින් ඒ අවසරය බෑ නොකිය දෙනවද,

මටත් අවැසියි ලගින් හිද සැනසෙන්න,

දවසක සොහොන ලග ඔබේ තනියට හිනැහීම පිබිදෙන්න....

Yasho 👻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now