මම ආස ඉඩෝරෙට...

204 46 15
                                    

නිමක් නැති වැසි බිංදු,
අස්ථාන පන්හිදක,
පාට කැටයම් නැතිව,
නැගෙයි නෙක රටාවට,

පින්තාරු කලා මම,
සිත්තමක මට අහිමි,
මගෙ සිතුවිලි ඔහේ,
සිත් පරිදි මට හැගුන,

අනවතර කදුලු බිදු,
හෙමි හෙමින් නෙත් දිගේ,
රූටලා විත් ඇවිත්,
ගිලිහුනේ ඇයි මෙසේ,

කියන්නට වචනයක්,
නොතියාම ඉඩෝරය,
සමු අරන් ගොස් ගිහින්,
පාලු කතරක් දිගේ,

සොදුරු මුත් වස්සානේ,
මම ආස ඉඩෝරෙට,
කටුක අමිහිරි නමුත්,
හිනහුනා පතොක් මල,

නැවත විත් තව එක් වරක්,
පතොක් මල සිඹ සනසපන්,
ඉඩෝරය නුඹ නොගිය බව මට,
හඟවලා මල අරගනින්.....

Yasho 👻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now