වියෝව...

186 50 15
                                    

යනකොට තාත්තා,
තනි කර මේ ලෝකේ අප දෙදෙන,
මහ ගොඩක් චූටීලු මම,
පුලුවන් කරන්න,
කියවන එක විතරමලු,
දෙමලිචි පැටියෙක් වගේ නිතර.....

ඒ නමුත්,
අදටත් මතකයි තාම,
උඩුකුරුව ගේ මැද සාලේ,
හෙලවුනේවත් නෑනේ ඒ පිංකද.....

මම අහද්දි මගෙ අම්මගෙන්
"ඇයි තාම තාත්තා නිදි"
එදා ඒ අහිංසක දෑස,
බලා සිටියාම මිස,
බලාගත් අත නිහඩවම,
අදටත් පුරුද්දට මෙන් ඇය,
පහේ කණිසමට ගෙදර දොර ලග.....

ටිකෙන් ටික,
යද්දි කාලය ගෙවීගෙන,
මමත් හැදිණිය ප්‍රේමයක තරම,
ජීවත් කරවන මුලු හුස්මම එක පෙලට.....

අදහාගත නොහැක මට,
කෙලෙස නම් ඉවසුවද,
මගෙ මැණිය,
ඇගේ නිර්මල ප්‍රේමයේ,
වියෝව.....

අදහාගත නොහැක මට,කෙලෙස නම් ඉවසුවද,මගෙ මැණිය,ඇගේ නිර්මල ප්‍රේමයේ,වියෝව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yasho 👻

_ LoST SMILe _ [POETRY]  ||Completed ✅Where stories live. Discover now