_Chapter 01_

52 11 4
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට
නොහැකිද එක් උණුසුම් වැළඳ ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට.."

~~~~~~~~~~



" මට බෑ හ්‍යුන්.. "

" ඕහ් කමෝන් බ්‍රෝ.. අද වගේ දවසකවත් එන්ජෝයි කරන්න ඕනනේ.. "

" මට ඕනෙ නෑ හ්‍යුන්.. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න චේබල්.. "

නානාප්‍රකාර තරාතිරම් වලට අයත් වුණු නානාප්‍රකාර මිනිස්සු තම තමන්ගෙ දහසකුත් සිතුවිලිවලින් ලද අතෘප්තිකර හෝ තෘප්තිකර මනෝභාවයන් අස්වසාලන්නට යන එන එක් නවාතැනක් ඉදිරියේ වචන කිහිපයක් හුවමාරු කර ගත් තරුණයන් දෙදෙනාගෙන් එකෙන් එතැන මගහැර ඉවත්ව යෑමට උත්සහ කළත් අනෙක් කෙනා ඒ මගට හරස් කැපුවා.

" හ්‍යුන්, හ්‍යුන් දන්නවනෙ මං මේවට කැමති නෑ කියලා. "

" ආරා.. (දන්නවා) නා ආරා යුන්ගියා.. (මං දන්නවා යුන්ගියා) ඒත් අද මගේ උපන්දිනේ.. චේබල් අද දවස මේ ටික වෙලාව මං එක්ක ඉන්න.. "

" ඒත් හොබී හ්‍යුන් ඔයා දන්නව මං මේ වගේ තැන්වලට වෛර කරනවා කියලා.."

" යුන්ගියා.. මේ අහන්න. පහුගිය මාස හය පුරාවට මම ඔයාව හොයාගන්න සෝල්වල ඇවිදපු නැති තැනක් නෑ.. ඔම්මගෙන් කොච්චර ඇහුවත් එයා මට ඔයා ගැන කිසිම දෙයක් කිව්වෙ නෑ.. මං දන්නවා ඔයා හැමදාම ආස කළේ නිදහසේ නිශ්ශබ්දව ඉන්න කියලා.. ඒත් මම ඊට වෙනස් කියලා ඔයා දන්නවනෙ යුන්ගියා.. අපි දෙන්නා එකෙම දෙමව්පියන්ගෙ දරුවො වුණත් අපි හරියට අහසයි පොළොවයි වගේ.."

" හ්‍යුන්... මොනවද මේ කියන්නේ..?"

තමන්ගෙ මගෙ හරස් කරලා උරහිසක් තදින් මිරිකලා අල්ලගෙන මූණටම එබිලා අතොරක් නැතුව කියවගෙන යන හෝසොක්ගෙ දෙවුරෙන් අත් තියන ගමන් යුන්ගි එහෙම අහද්දි හෝසොක් යුන්ගිගෙ දෑත් තමන්ගෙ දෑත් අතරට මැදි කරගත්තා.

" අනී.. අද මට කතා කරන්න දෙන්න.. මං දන්නෙ නෑ ඇයි ඔයා මේ විදියට අපි හැමෝගෙන්ම ඈත් වෙන්න උත්සහ කරන්නෙ කියලා.. මං වෙනස් ඇති.. මොකද මං හැමදාම ජීවිතේ විදින්න උත්සහ කළේ මියුසික් එක්ක ඩාන්සින්ග් එක්ක.. ඒවත් එක්ක තියෙන සද්ද එක්ක.. ඒත් ඔයාට හැමදාම ඕන වුණේ නිහඩ නිස්කලංක තැනකට වෙලා සුදු පාට කොළේක පැන්සලෙන් කුරුටු ගාන්න.. මං එදා ඉදලම හිතුවා ඔයා මගෙන් ඈත් වෙන්නෙ මගේ ගතිගුණ නිසා කියලා.. මං මාව වෙනස් කරගන්න උත්සහ කළා යුන්ගියා.. ඒත්..ඒත් මට ඒක කරන්න බැරි වුණා.."

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now