_Chapter 17_

19 6 0
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට හැකිද
එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

Continue Flashback

වරුසාවෙ ඉවරයක් තිබුණෙ නෑ. තව දුරටත් අවට නොපෙනෙන තරමටම රාත්‍රිය මෝරලා තිබුණා. වැහි අදුරත් නොඅඩුව ඒ අදුරට රුකුල් දෙද්දි යුන්ගි ජීහිවත් අරගෙන කදු මුදුනට ආසන්නව විශාල ගස් කිහිපයකට මැදි කොට තනා තිබුණ කුඩා කාමරයක් ලගට ඇවිත් තිබුණා.

" ජීහියා කෝ බහින්න.."

යුන්ගි ජීහිව ඔහුගෙ ඇගට වත්තන් කරගත්තා.

" යුන්ගි මේ මොකද්ද..?"

" සේෆ්ටි රූම් එකක්.."

" මොකක්.?"

" සේෆ්ටි රූම්.."

යුන්ගි එහෙම කියන ගමන් ඒ කාමරයේ කුඩා දොරට ඉහළින් තිබුණ කුඩා කවුළුවෙන් අත ඇතුලට දාලා යමන් සොයන්න වුණා.

" ආහ් මේ තියෙන්නෙ..!"

එහෙම කියන ගමන් යතුරක් අතට ගත්තු යුන්ගි යන්තම් අතපත ගාමින් ඒ කාමරයේ දොර විවර කළා.

" එන්න අපි යමු ඇතුලට.."

ජීහිව ඔහුගෙ ඇගට වත්තන් කරගෙනම ඒ කුඩා කාමරේ ඇතුලට ගියපු යුන්ගි ආයෙම වතාවක් දොර වහල දාලා ඇතුලෙන් දොර අගුලු දැම්මා.

" අනේ මේක කරුවලයිනෙ ස්නෝව් බෝල්.. මට බයයි.."

ජීහි යුන්ගිගෙ පපුව අස්සට මූණ ඔබා ගන්න ගමන් එහෙම කියද්දි යුන්ගි,

" ඉන්න ජීහියා.. මට මතක විදියට මෙතන එළියක් තියෙන්න ඕනේ.."

කියලා ජීහිව ආයෙම දොරට හේත්තු කරලා කාමරේ පුරාවට හෙමීට ඇවිදින්න ගත්තා.

සුලු වෙලාවක් ගත වෙද්දි ඒ කුඩා කාමරය ඉටිපන්දම් එළියකින් එළිය වැටුනෙ ජීහිගෙ මූණටත් පුංචි එළියක් ගේන ගමන්.

ඒ එක්කම ජීහිගෙ දෑස් ඒ කුඩා කාමරය පුරා ඇවිද ගියා.

" ස්නොව් බෝල් මෙතන ඕන කරන හැමදේම වගේ තියෙනවනෙ.."

You've reached the end of published parts.

⏰ Last updated: Sep 17, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now