_Chapter 06_

24 9 5
                                    

HOLD ME TIGHT
( Fan Fiction Only )

~~~~~~~~~~

" එක් සීතල වචනයක් වෙනුවට නොහැකිද එක් උණුසුම් වැළද ගැනීමක් වන්නට
හැකිද එක් වරක් විශ්වාස කරන්නට "

~~~~~~~~~~

Flashback Start

සූර්යාලෝකය හොදින් පතිත වුණ තවත් එක් දවසක යොන්සෙ විශ්ව විද්‍යාලයට පසු වුණේ දහවල් ආහාර වෙලාව. තරුණ තරුණියන් තම තමන්ගෙ සගයන් සමග දහවල් ආහාරය සදහා තැන් තැන් වලට රොක් වෙද්දි ජීහි කිසිවෙකුගෙ අවදානය ලක් නොවී ඔවුන් අතරින් විශ්වවිද්‍යාල භූමියෙම කොනක වුණු අතහැර දැමුණු ගිඩනැගිල්ල දිහාවට ඇවිද ගියා.

සුපුරුදු පරිදි ඇය සිතුවත් ඇයව කිසිවෙක් නොදුටු බව ඇය දැනගෙන හිටියෙ නැහැ සෑහෙන කාලෙක ඉදලා ඇයගේ මේ රහස් ගමන දිහා බලාගෙන හිටිය කෙනෙක් එදින ඇය පසු පස පැමිණි බව.

" වාහ්..! අද අහස හරිම ලස්සනයි.."

පැරණි ගොඩනැගිල්ලෙ ඉහළ මහළ වෙත පැමිණි ජීහි ඈත අහස දිහා බලලා එහෙම කියන ගමන් ඇය අතේ තිබුණ කුඩා බෑගය ඒ අසලම එක පෙළට තබා තිබුණ මේස පෙළේ එක් මේසයක් මතින් තියලා අඩි කිහිපයක් ඉදිරියට ඇවිදගෙන ගියා.

" මෙතනට ආවම මට දැනෙනව මං ජීවත් වෙනව වගේ.. වාහ්.! මං මේ හැගීමට ඇත්තටම ආදරෙයි.."

යන්තමින් එහෙම මුමුණපු ජීහි තමන්ගෙ දෑත් දෙපැත්තට දිගහැරලා ගැඹුරු හුස්මක් අරගෙන,

" අන්‍යොං සන්.. මං ආවෝ....."

කියල තරමක් සද්දෙන් කෑගහල දෑතින්ම කට වහගෙන කලබලෙන් වටපිට බලන ගමන් හිනා වෙන්න ගත්තා.

ඇය පසු පස පැමිණි ගැඹුරු කලු පැහැති දෑස් හිමි වුණු ඔහු ඇයගේ හැසිරීමට මදහස් පාමින් බිදී ගිය වීදුරුවක් සහිත දොරක් අසල සැගවිලා ඇය දෙස බලා සිටියත් ඇය වටපිට බලනකොටම ඒ දොරට එහායින් වුණ බිත්තියට මුවා වුණා.

' ජීහියා.. කොහොමද ඔයා මේ තරන්ම හුරතල් වුණේ.?'

බිත්තියට පිට දීගෙන දෑස් පියාන සිටි ඔහුගෙ හිත දහස් වාරයකට එහෙම මුමුණන්න ඇති.

HOLD ME TIGHT || MYG || [ Onhold ]Where stories live. Discover now